2018 ට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් රතු නිවේදනයක්

2018 ට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් රතු නිවේදනයක්

නව වසර සාමයේ වසරක් කරගමු කියා ඉල්ලීමක් කරන්නට නොහැකි බවත් ඒ වෙනුවට ලෝකය පිළිබඳ රතු එළියක් දල්වා අනතුරු ඇඟවීමක් කරන්නට සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කරයි.

ජනවාරි 01 වනදා නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ සඳහන් කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව අතර පැවති තුෂ්ණි යුධ සමයට පසුව එල්ලවී ඇති වැඩිම න්‍යෂ්ටික අනතුරක් පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කරමින්ය.

එසේම කාලගුණ විපර්යාස බලාපොරොත්තුවූ ආකාරයට වඩා වේගයෙන් සිදුවෙමින් ඇති බවත් එම අසාමාන්‍යතා ඇතුළුව දරුණු ආකාරයේ මානව හිමිකම් කඩවීම්, ජාතිකත්ව අර්බුද සහ රට රටවල් අතර අර්බුද වැඩිවී තිබීම ගැනද මහ ලේකම්වරයා සිය කණගාටුව පළකර සිටියේය.

කෙසේ වුවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මේ රතු නිවේදන ප්‍රකාශයට ආසන්නතම හේතුව ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් දිගින් දිගටම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවලට එල්ල කරන න්‍යෂ්ටික තර්ජනයයි.

ජනවාරි 01 වනදා නව වසර නිමිති කරගෙන සජීවී රූපවාහිනී විකාශයක් හරහා නිවේදනයක් නිකුත් කරන අතර තුරද උතුරු කොරියානු නායකයා සඳහන් කර සිටියේ න්‍යෂ්ටික මිසයිල එල්ල කිරීමේ බොත්තම ඕනෑම මොහොතක තම මේසය මත සුදානමින් ඇති බව සිය සතුරන් මතකතබා ගත යුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න