ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ සිටින දක්ෂ කණ්ඩායම යොදාගෙන රට ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කළ ද, මේ වන විට ඔවුන්ගේ නොහැකියාව මැනවින් ඔප්පු වී ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක...
''කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබූ පසුබිමක, 'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස යෝජනා කළ ජාත්‍යන්තර ආධාරක සමුළුව පවා ආණ්ඩුව උද්දච්ඡ ලෙස ප්‍රතික්ෂේප කළා. තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි බව වැටහී ඇති ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ සිටින දක්ෂයින්ට රට හැදීම සඳහා තමන් හා එක්වන ලෙස ආරාධනා කරමින් සිටිනවා. 159ක බලයක් ඇති බව පැවසූ පාලකයින් අද විපක්ෂ නායකයින් ඉදිරියේ දණින් වැටිලා. ආණ්ඩුවේ නොහැකියාව දැන් ස්ථිර වෙලා තිබෙනවා. තවදුරටත් රට පාලනය කිරීමට නොහැකි නම් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස අපි බල කරනවා. ආණ්ඩුව කෙරෙහි පවතින සැබෑ ජනමතය මැන බැලීමට අවශ්‍ය නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. එවැනි මැතිවරණයක දී ආණ්ඩුව අන්ත පරාජයකට පත්වීම වැළැක්විය නොහැකි යි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
