බ්‍රසිලයේ සාඕපාවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටිමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබේ.
ද්විත්ව එන්ජින් සහිත මෙම ගුවන් යානයේ දකුණු ප්‍රාන්තයේ කැස්කැවෙල් සිට සාඕපාවුලෝ නගරයේ ගුවන් තොටුපලක් දක්වා පියසර කරමින් තිබියදී වින් හෙඩෝ නගරයට කඩා වැටි ඇතැයි වෝපාස් ගුවන් සේවය පවසයි.
ගුවන් යානය සිරස්ව පහතට වැටෙන ආකාරය සමාජ මාධ්‍යවල දැක්වේ.
යානය කඩා වැටෙන අවස්ථාවේ මගීන් 57 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු සිට ඇත. ප්‍රාදේශිය බලධාරින් සදහන් කළේ දිවි ගලවාගත් නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
