Language Switcher

V2025

ලංකාවට තව දුරටත් ඉතාලියේ දොරටු වැසේ!

පසුගිය ගතවූ මාස කීපය තුළ ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා රටවල් කීපයක්ම අප රටට, එනම් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහංචි දැමිමීම සිදුකළේ ලංකාවේ තත්වය අවදානම් රතු කලාපීය රටක් ලෙස නම් කරමින්. එයට ප්‍රධානතම හේතූන් ලෙස ඉන්දියාව,බංග්ලාදේශය හා පාකිස්තානය ඇතුලු කොවිඩ් වසංගතය පැතිරෙන බොහෝ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගොස් නිරෝධායන වී යුරෝපා රටවලට සංචරණ වීම හේතුවෙනි….

රට 21 විවෘත කළද ඉතාලියට ඇතුලුවීමේ ශ්‍රී ලාංකික තහනම යලි දීර්ඝ කෙරේ !          

කොවිඩ් වසංගතයෙන් ඉතා දරුණ අත්දැකීමකට මුහුණ දුන් ඉතාලි රජය වර්ථමානයේ දැඩි විමසිල්ලෙන් හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට ක්‍රියාත්මක කරමින් කටයුතු කරන අතර දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලන තත්වය නිරීක්ෂණය කරමින් සිටී.          

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන ගුවන් ගමන් තහනම ජුනි මස 21දා වනතෙක් බලපැවත් වින,  එසේම නැවත සංචරණ සීමා ඉවත්කොට මේ මස 21වන දින රට විවෘත කරන පුවත සැලවුවද, ශ්‍රී ලංකාව තුළ පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගෙන ඉතාලි රජය විසින් ගුවන් ගමන් තහනම යලි ජූලි 31දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් ඉතාලි පුරවැසි භාවය දරණ ශ්‍රී ලාංකිකයන්ට අදාල පීසීආර් පරීක්ෂණ සිදුකොට ඉතාලියට නැවත ඇතුල්වීමේ කිසිඳු බාධාවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරති.

සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.