ආචාර්ය කේ.කේ.අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය කේ.කේ.අභාවප්‍රාප්ත වෙයි

සැම්බියාවේ පළමු ජනාධිපතිවරයා වූ ආචාර්ය කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ ඊයේ දිනයේදීය.

නිව්මෝනියා රෝගය වැලඳීමෙන් ඔහු සැම්බියාවේ ලුසාකා අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කර ඇති අතර මිය යන විට 97 හැවිරිදි වියේ පසු වූ කවුන්ඩාට කොවිඩ් ආසාදනය වී නොතිබූ බව ඔහුගේ සමීපතමයෝ පවසති.

කේ.කේ. නමින් අප්‍රිකාව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වී සිටි කවුන්ඩා වසර 27ක්ම අඛණ්ඩව සැම්බියාවේ ජනපති පදවියේ කටයුතු කළේය.

අප්‍රිකා මහාද්වීපයේ අධිරාජ්‍ය විරෝධී සටනේ නිරතව සිටි නායකයන් අතර අන්තිමයා වූ ආචාර්ය කවුන්ඩා 50 දශකයේදී එවකට උතුරු රොඩේෂියාව ලෙස හඳුන්වනු ලැබූ වත්මන් සැම්බියාවට නිදහස අත් කර දීමට බ්‍රිතාන්‍යය සමඟ කළ අරගලයේ කැපී පෙනෙන චරිතයකි.

නිදහස දිනා ගැනීමෙන් පසු 1964 වසරේදී සැම්බියාවේ ජනාධිපතිධුරයට පත් වු කවුන්ඩා 1991 වසරේදී මැතිවරණ රැල්ලකින්ම පරාජයට පත් වීමෙන් පසු තනතුරෙන් ඉවත් විය.

බලයෙන් ඉවත් වීමෙන් පසුවත් අන්තර්ජාතික වශයෙන් විවිධ ගැටලු සඳහා විසඳුම් සෙවීමට දායකත්වය දුන්නේය.

2002 වසරේදී ඔහු ඒඩ්ස් රෝගයට එරෙහි ගෝලීය සටනට එක් වූයේ ඔහුගේ පුත්‍රයකු ද ඒඩ්ස් රෝගයෙන් මිය යෑම හේතුවෙනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න