ආර්ථික කඩා වැටීම හේතුවෙන් රටේ සියලුම ව්‍යාපාර විශාල අර්බුද ගණනාවකට මුහුණ දී ඇති බවත්, රුපියලට සාපෙක්ෂව ඩොලරය ශක්තිමත් කිරීමට නම් ඩොලර් උත්පාදනය කරන සාධක වැඩි දියුණු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසී ය.
ඔහු මම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා...
රටේ අපනයනය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා
‘‘රට දරුණු ආර්ථික කඩාවැටීමටක පත් කරන්න වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. වසර දෙකක් තුළ වේගයෙන් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට අහිතකරනවා. ආර්ථික කඩා වැටීම හේතුවෙන් රටේ සියලුම ව්‍යාපාර විශාල අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම රුපියලට සාපෙක්ෂව ඩොලරය ශක්තිමත් කිරීමට නම් ඩොලර් උත්පාදනය කරන සාධක වැඩි දියුණු කළ යුතු යි. ඒ අනුව රටේ අපනයන ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. නමුත් රටේ අපනයනය ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. අපනයනය ඉහළ දැමීමට වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. ඇමරිකාව අපනයන සඳහා සියයට 12.5 ක බද්දක් අය කරන්න කටයුතු කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඇගලුම් අපනයනයට විශාල බලපෑමක් එල්ල කරන කාරණයක්. මේ නිසා ශ්‍රී ලංකාවේ ඇගලුම් අපනයනය තවත් අඩුවෙන්න හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තේ අපනයටත් මැද පෙරදිග යුද්ධය විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් විදේශ ප්‍රේෂණ අඩවී තිබෙනවා. මේ පිළිබඳව රජය කිසිදු පියවරක් ගෙන නැහැ.
විදුලි, ඉන්ධන, ජල ගාස්තු සහ ගෑස් මිල වැඩි වීමට නියමිතයි
සංචාරකයින්ගේ පැමිණිම විශාල ලෙස අඩු වී තිබෙනවා. ඒ අනුව රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයත් අඩු වී තීබෙනවා. යුරෝපයෙන් සංචාරකයින් පැමිණෙන්නේ නැතිනම් වෙනත් රටවලින් සංචාරකයින් ගෙන්වා ගන්න කටයුතු කළ යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුව සංචාරක කර්මාන්තය දියුණු කිරිමට කිසිවක් සිදුකර නැහැ. මේ හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි අවදානම් තත්ත්වයක තිබෙනවා. ඒ බව තේරුම් ගෙන වැඩ කරන බවක් පෙනෙන්න නැහැ. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දක්ෂ කණ්ඩායමක් , අද්දැකිම් තිබෙන කණ්ඩායමක් ආණ්ඩුව තුළ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ජනතාවට ලබාදෙන සහනාධාර නතර කිරීමට සිදුවෙනවා. සහනාධාර නතර කිරීම නතර කළහොත් විදුලි බිල, ඉන්ධන මිල, ජල ගාස්තු සහ ගෑස් මිල වැඩි වීමට නියමිතයි. මේ නිසා රටේ භාණ්ඩ හා සේවාවල මිලත් ඉහළ යනවා. නමුත් ජනතාව ගේ ආදායම ඉහළ ගොස් නැහැ. වියදම ඉතා වේගයෙන් ඉහළ යනවා. කෙසේ නමුත් ආණ්ඩුව බලය ගැනීමට පෙර ජනතාවට සුන්දර පොරොන්දු ගණනාවක් ලබාදුන්නා. ඒ පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරන්න ආණ්ඩුවට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ නිසා දුන්න පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
දිට්වා අරමුදල නීත්‍යනුකූල නැහැ
ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේ දී සිදුකළා මෙන් රට පුරා උද්ඝෝෂණ පවත්වන්න, වැඩ වර්ජන පවත්වන්න, පාර්ලිමේන්තුව ගිනි තියන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. නමුත් රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජනබලවේගය හරහා ඉටු විය යුතු යුතුකම් මැනවින් රට වෙනුවෙන් ඉටු කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය විපක්ෂයේ කටයුතු කළ ආකාරයට නොව වැදගත් ආකාරයට විපක්ෂයේ භුමිකාව සිදුකරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. දිට්වා සුළි කුණාටුවෙන් පසු විනාශ වුණ දේපළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට රජය විසින් අරමුදලක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව රටේ ධානපතියන් වගේම සාමාන්‍ය ජනතාවට එම අරමුදලට මුදල් බැර කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ අනුව අති දැවැන්ත මුදල් ප්‍රමාණයක් දිට්වා අරමුදල සඳහා එකතු කරගන්න රජයට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම අරමුදල නීත්‍යනුකූලව ඇතිකළ ගිණුමක් නොවන බව මුදල් කාරක සභාවේ දී සනාථ වුණා. එය නීත්‍යානුකූලගත කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. දිට්වා අරමුදලේ කිසිදු මුදලක් මේ වනතුරු වියදම් කරලා නැහැ. ආණ්ඩුව ගන්න පෙරත්, ආණ්ඩුව ගත්තාට පසුවත් ජනතාව මුළාවට පත් කරන්න ජාතික ජනබලවේග කණ්ඩායම කටයුතු කර තිබෙනවා. ඒ වගේම දිට්වා නිසා විනාශ වුණ ජනතාව ගේ නිවාස ඉදි කරන්න රජය තවම කටයුතු කරලා නැහැ. ජනතාව තවමත් අවතැන් කඳවුරුවල ජිවත් වෙනවා. දිට්වා නිසා හානියට පත් පාලම්, මාර්ග තවම ප්‍රතිසංස්කරණය කරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. නමුත් මුදල් එකතු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා.
ස්වාධින ආයතනවලට පැලවත්තේ බහිරවයින්
ඒ වගේම ආණ්ඩුව රට තුළ ඒකාධිපති පාලනයක් ඇති කරන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් බලය ලබාගෙන කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බව ආණ්ඩුව මැතිවරණ වේදිකාවල පුන පුනා සඳහන් කළා. පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය සංශෝධන හෝ පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා කිසිදු සහායක් නොලැබෙන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව ස්වාධින ආයතනවලට පැලවත්තේ බහිරවයින් ඇතුළත් වී තිබෙනවා. ස්වාධින කොමිසන් සභාවල කටයුතු විනාශ කරන්න පැලවත්තේ බහිරවයින් කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු උල්ලංඝනය කරමින් ඇතැම් පත් කිරීම් සිදුකරන්න, පුද්ගලයන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව ස්වාධින ආයතනවලට සිදුකරන මෙම බලපැම් රටේ සිවිල් සංවිධාන සහ වෘත්තියවේදීන් දැඩි ලෙස හෙළා දකිනවා.
රට තුළ ඒකාධිපති පාලනයක් ඇති වෙන ලකුණු
ජනාධිපතිවරයා විසින් පත් කළ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ කිසිදු ඵල ප්‍රයෝජනයක් නැහැ. පළාත් සභා සම්පුර්ණයෙන් පාලනය කරන්නෙත් පැලවත්ත පක්ෂ කාර්යාලයේ පිරිස්. ඒ නිසැ ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්න සිදුවුණා. ඒ වගේ ම පැලවත්තේ නියෝජිතයන් අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාටත් වඩා ඉහළින් සිට කටයුතු කරන බවක් පෙනෙන්න තිබෙනවා. ඔවුන් රජයේ ඉහළ තනතුරු දරන රාජ්‍ය නිලධාරින්ටත් වඩා ඉහළින් සිට කටයුතු කරන බවක් පෙනෙන්න තිබෙනවා. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහය සම්පුර්ණයෙන් විනාශ කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. පැලවත්ත පක්ෂ කාර්යාලයට අවශ්‍ය පරිදි ආණ්ඩුව ඒකාධිපති පාලනයක් රට තුළ ඇති කරන්න කටයුතු කරනු ලබනවා. ආණ්ඩුවේ මෙම කටයුත්තට විරුද්ධව ජනතාව පෙළ ගස්වන්න සමගි ජනබලවේගය ඉදිරියේදී කටයුතු කරනු ලබනවා. රටේ මීට පෙර සිදුවුණ මහා පරිමාණ වංචා දුෂණවලට ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම බලයක් දැන් තිබෙනවා. ඒ අනුව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ජාතික ජනබලවේග ආණ්ඩු කාල සිමාවේදීත් සිදුවුණ මහා පරිමාණ වංචා දුෂණවලත් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුයි. බහලුම් වංචාව, ගල් අගුරු වංචාව, ඇතුළු වර්තමාන රජය යටතේ සිදුවුණ වංචා දුෂණවලට නීතිය අකුරට ම ක්‍රියාත්මක කළ යුතුයි. එදා සිදුවුණ වැරදිවලටත් අදටත් සිදුවුණ වැරදිවලටත් නීතිය හරියාකාරව ක්‍රියාත්මක විය යුතුයි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
