Language Switcher

Ad

Ad 01

V2025

රනිල් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong (චී චෙන් හොං) අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදු ඊයේ (11) කෙරිණි.

චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමු ව ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ නිවසින් පිටත්ව යාමට ප්‍රථම ද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් ඊයේ උදැසන පැවැත්වීය.

තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

 

RW CH EMB visit 20250912

 

The leader.lk