පුවත්

ජනපති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුව අමතයි !
කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අද (20) පෙරවරුවේ අමතමිනි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) ද එම අවස්ථාවට සහභාගී විය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 19 දා කොළඹදී ආරම්භ වූ සමුළුව හෙටින් (21) අවසන් වේ.
2022 වර්ෂයේදී බංග්ලාදේශය මෙම සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර මෙතැන් සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ඇත.
ශ්‍රී ලංකාව 1955 වර්ෂයේ පැවති 2 වැනි සමුළුව සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ වසර 69කට පසුව වීම විශේෂත්වයකි.
ආසියා - පැසිෆික් කලාපවල මුළු ජනගහනයෙන් 70%ක් පමණ කෘෂිකර්මාන්තය මත යැපෙනු ලබයි. “කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේ දී කලාපයේ රටවල පෝෂ්‍යදායි ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.
සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්ව සිටින විදෙස් අමාත්‍යවරු ඇතුළු නියෝජිතයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, ඉන් අනතුරු සමුළුවට එක්ව සිටි නියෝජිත රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.
මෙහිදී සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.
ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, තිරසර නිෂ්පාදනය සඳහා කෘෂි ආහාර පද්ධති පරිවර්තනය කිරීම මෙන්ම තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ තිරසර සහ ඔරොත්තුදෙන සුලු කෘෂිකාර්මික පද්ධති ගොඩනැඟීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආසියා-පැසිෆික් කලාපය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල කෘෂිකර්මාන්තය රටේ ආර්ථික පරිවර්තනයේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව තිබෙනවා. අපි සිදු කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙළ මම ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්.
අප මෙම සමුළුව පවත්වන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකයි. 2022 දී අපට වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර තිබුණේ නැහැ. රටේ ආහාර හිඟයක් පැවතුණා, ඒ වගේම විදේශ විනිමය හිඟයක් පැවතුණා.
එවැනි කාල සීමාවක් පසු කර අද අප යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. ඉතා ඉක්මනින් අපි විදේශ ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජය සමඟ අපගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් ගිවිසුම අත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. එවිට අපි තවදුරටත් බංකොලොත් ආර්ථිකයක් ඇති රාජ්‍යයක් නොවේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ.
අපගේ ආර්ථිකය දෙස බලන විට අපට කඩිනම් ප්‍රතිඵල ලබා ගත හැකි එක් ක්ෂේත්‍රයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. දෙවැන්න සංචාරක ව්‍යාපාරයයි.
වාසනාවකට මෙන්, අපට පොහොර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) අපට එදා සහාය ලබා දුන්නා. එයින් අපගේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබුණා.
ඒ අනුව 2023 අප්‍රේල් මාසයේ ප්‍රධාන වගා කන්නය පැමිණෙන විට අප අවදානම් තත්ත්වයෙන් මිදී සිටියා. අපට හොඳ වගා කන්නයක් තිබුණා. එතැන් සිට අපට ඉදිරියට යා හැකි බව මම දැන සිටියා.
රට තුළ ආහාර නිෂ්පාදනයක් සිදු නොවූවා නම් නැවතත් මේ වසරේ අපට අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් අප එතරම් අවාසනාවන්ත වුණේ නැහැ. ඒ වගේම මේ වසරේ අප්‍රේල් මාසයේදී ද මේ කන්නයට හොඳ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම අපි වසර අවසානයේ දෙවන අස්වැන්න ලබාගන්නවා. ඒ නිසා මෙම ආර්ථික අභියෝගයට මුහුණ දීමේ දී කෘෂිකර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කළා.
රටක අඛණ්ඩ සංවර්ධනය සඳහා කෘෂිකර්මාන්තයට මහඟු කාර්යභාරයක් ඉටු කළ හැකියි. ඒ නිසා සෑම රටක්ම කෘෂිකර්මාන්තයේ වැදගත්කම හඳුනාගෙන කටයුතු කළ යුතුයි.
දෙවෙනි කරුණ වන්නේ අපට මෙම අර්බුදයට මුහුණදීමට සිදුවූ තවත් ප්‍රධාන හේතුවක් වන්නේ වෙළෙඳ ශේෂයේ පැවති හිඟයයි. අපි කවදාවත් වෙළෙඳ ශේෂය අපට හිතකර තත්ත්වයක පවත්වා ගත්තේ නැහැ.ඒ වගේම අපිට කවදාවත් ගෙවා අවසන් කළ නොහැකි සැලකිය යුතු විදේශ ණය ප්‍රමාණයක් ගෙන තිබෙනවා. ඒ නිසා සියලුම ගිවිසුම් අනුව අපගේ ණය ආපසු ගෙවීම සඳහා අපට බොහෝ කාලයක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. එම ආර්ථික පරිවර්තනයේ දී අපට මූලධර්ම තුනක් තිබෙනවා. තරගකාරි ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් එම මූලධර්ම 03 වෙනවා.
ශ්‍රී ලංකාවට වසර 2000ක් පමණ පැරණි කෘෂිකාර්මික හා අපනයන ඉතිහාසයක් පවතිනවා. පළමුව සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ග අපනයනය සිදු කළා.ඒ සඳහා අපට අපගේ වාරි ශිෂ්ටාචාරය සහාය වුණා.
ඇත්තෙන්ම එම ශිෂ්ටාචාරය තුළ මුදල් ලැබුණේ භූමියෙන් නොවේ. ඕනෑම වැඩවසම් සමාජයක් දෙස අවධානය යොමු කළ හොත් ඉඩම්වලින් මුදල් උපයා තිබෙනවා. රදළයන් හා ධනපතින් හැරුණුකොට අනෙක් අයට ඉඩම් හිමි වුණේ නැහැ. නමුත් ඔවුන් සතුව ජලය ලබාදුන් ජලාශ පැවතුණා. ඒ නිසා ඉඩම් අයිති කාටත් මේවායින් ජලය ලබා ගන්න සිද්ධ වුණා. ඉතින් මේක තමයි අතීතයේ අපිට තිබුණු ආර්ථිකය. එම ශිෂ්ටාචාරයේ බිඳවැටීමෙන් පසු අපි තෙත් කලාපයට ගමන් කළා.
ඒ වගේම අපේ රට කුළුබඩුවලට ප්‍රසිද්ධයි. බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමඟ කුළුබඩු මිල පහළ යන විට අපි තේ, පොල්, රබර් වගාවට යොමු වුණා. ලෝකයේ ප්‍රමුඛ පෙළේ වගාකරුවන් සම්බන්ධයෙන් ගත් විට, තවමත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉහළම ස්ථානයක සිටින අතර අපට එහි ඒකාධිකාරයක් තිබෙනවා. අප විසින් එය වර්ධනය කරගත යුතුයි. නමුත් අපි කෘෂිකර්මාන්තය නොසලකා හැර තිබෙනවා.
1972 දී ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කරමින් අපේ විශාල වතු කඩා දැමුවා. නමුත් අපි අනෙක් අතට අක්කර ලක්ෂ ගණනක් වෙන් කළ මහවැලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් සහාය අපට හිමි වුණා. නමුත් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එය තවදුරටත් සංවර්ධනය කිරීමට අපට නොහැකි වුණා.
ඒ වගේම ඉන් පසුවද අප වැවිලි කර්මාන්තය නොසලකා හරිමින් සිටියා. නමුත් දැන් අප යළිත් එයට අවතීර්ණ විය යුතුව තිබෙනවා. ඒ සඳහා අප උපරිමයෙන් කැපවී වැඩ කළ යුතුයි. අප කෘෂි නිෂ්පාදන අපනයනය කරන රටක් බවට නැවත පත්විය යුතුයි. ඒ පිළිබඳ අප ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා.
අප ඒ සඳහා හොඳම උදාහරණය ලබා ගත්තේ අප මිත්‍ර රාජ්‍යයක් වන තායිලන්තයෙන්. තායිලන්තය මේ වන විට කෘෂිකර්මාන්තය තුළ ඉතා හොඳ අපනයන ආර්ථිකයක් පවත්වාගෙන යනවා.එසේ නම් අපත් ආරම්භ කරමු. පළමුවැන්න තමයි පවතින ක්‍රමවේදය ප්‍රතිසංවිධානය කිරීම සහ පෞද්ගලික අංශයට එය විවෘත කිරීම.
දෙවනුව රටට එන නවීනතම කෘෂි ක්‍රමවේදයන් පිළිබඳ අප අවධානයෙන් සිටිනවා. අපිට එය අවශ්‍යයයි. ඒ සඳහා අපට වසර 10ක්, 15ක් ගතවනු ඇතියි. නමුත් අපේ ඉලක්කය වසර 10කින් අපේ අරමුණ සාක්ෂාත් කරගැනීමයි. අපි නවීනතම කෘෂිකාර්මික අංශය රට තුළට ගෙන එනවා.
නමුත් අපට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. තරුණ තරුණියන් ගම අතහැර නගර වෙත පැමිණෙනවා. ඔවුන් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට සහභාගී වන්නේ නැහැ. සුහුරු කෘෂිකර්මය ගමට ගෙන ඒම මගින් ඔවුන්ව නැවත ගම්වල රඳවා ගත හැකියි. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමට අමාත්‍යාංශ 03කට බෙදා තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය එක් අමාත්‍යවරයෙකු යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම ඊට අදාළ ආයතන පද්ධතිය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. පළමුව ගොවි ජනතාවට හොඳ සේවාවක් ලබාදිය යුතුයි.
ඒ වගේම රටපුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා.
එසේම කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් මේ සියල්ල දෙස අවධානය යොමු කළ යුතුයි. එම සියලු පහසුකම් ශ්‍රී ලංකාව තුළ නැහැ. අපි ඒ පහසුකම් ගෙන එනවා. එමඟින් ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු වෙනවා.
ඒ වගේම මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය අප දැන්ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ද ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබාදීම අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිශ්ට වීමට කැමති ඕනෑම අයෙකුට අප එම ඉඩම් ලබා දෙනවා.
1935 වසරේ සිට අපි ගොවි ජනතාවට ඉඩම් ලබා දුන්නා. මෙම ඉඩම් සියල්ල ලබාදී තිබෙන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බලපත්‍ර මතයි. ඒ නිසා මෙම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ගොවි ජනතාවට හිමි වුණේ නැහැ. දැන් අපි ඔවුන්ට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දෙනවා. ඒ අනුව මේ වසරේ පමණක් මිලියනයකට අධික ගොවීන් පිරිසකට සින්නක්කර ඉඩම් අයිතිය ලැබෙනවා.
ඒ වගේම කිරි නිෂ්පාදනය ඇතුළු සත්ව කර්මාන්තය දියුණු කිරීමට ද අප පියවර ගෙන තිබෙනවා. සත්ව පාලන ක්ෂේත්‍රය දෙස බැලූවිට, එක් සතෙකුගෙන් ලැබෙන්නේ කිරි ලීටර් 2ක් පමණයි. මේ වන විට අප එය වෙනස් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. රජයට අයත් MILCO ආයතනය සම්බන්ධයෙන් අමුල් සමාගම සමඟ අප ගිවිසුමකට එළැඹෙනවා.
දිනකට කිරි ලීටර් 10ක් ලබාදෙන සතුන් මිලියන 2ක් ඇතිකිරීම පිළිබඳ එහිදී අප අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ඒ තුළින් පමණක් කිරි ලීටර් මිලියන 20ක් ලැබෙනවා. ගොවීන් ලක්ෂ දෙකකට පමණ එයින් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ හා සමගාමීව අනෙකුත් සමාගම් ද ඉදිරියට පැමිණෙනවා.
නෙස්ට්ලේ, ෆොන්ටෙරා ඇතුළු වෙනත් ආයතන මෙන්ම තවත් ශ්‍රී ලාංකික සමාගමක් වන අඹේවෙල ගොවිපොළ මේ අනුව ඉදිරියට පැමිණෙනවා. ඔවුන් සතෙකුට ලීටර් 28ක් දක්වා කිරි නිෂ්පාදනය වර්ධනය කර තිබෙනවා.
ඒ වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ කරදිය ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳවත් අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවට දායකවීමට ශ්‍රී ලංකාව සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
2050 දී ලෝක ජනගහනය දෙස බැලුවොත් ඒ වන විට අප ජීවතුන් අතර නොසිටිනු ඇතියි. නමුත් ඉරානයේ සිට ඉන්දුනීසියාව දක්වා, ජනගහනය මිලියන 500 සිට 600 දක්වා වැඩි වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. ඒ වන විට සෑම කෙනෙකුටම වැඩි ආදායමක් සහිත උසස් ජීවන තත්ත්වයක් හිමිව තිබෙනු ඇතියි.
එසේනම් අනෙක් පසින් අප්‍රිකාව දෙස බලන්න. ඒ වගේම නැඟෙනහිර සහ දකුණු අප්‍රිකාව. මේ රටවල් තුළ ආහාර සඳහා විශාල අවශ්‍යතාවක් වනු ඇතියි.
ඒ වගේම දේශගුණික විපර්යාස අවම කර ගැනීම පිළිබඳවද ශ්‍රී ලංකාව දක්වන්නේ සුවිශේෂී කැපවීමක්. ඒ සඳහා අප යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඉන්දියන් සාගරය ද ඇතුළුව නිවර්තන කලාපය කාබන් අවශෝෂණය කරනු ලබන ස්ථානයක් බවට පත් කිරීම ඊට අයත් වෙනවා.
ඔබේ රටවල තෘණ බිම්වල සහ වනාන්තරවල පෞද්ගලික අංශයේ ආයෝජන සිදුකළයුතුයි. එහිදී අපි ප්‍රායෝගික විය යුතුයි. එක්සත් රාජධානියෙන් කිසිවෙකු මාලි රාජ්‍යයට අරමුදල් ලබා දෙන්න යන්නේ නෑහැ. ඒ වගේම ෆින්ලන්තයේ කිසිවෙකුත් ශ්‍රී ලංකාවට අරමුදල් දෙන්නේ නැහැ. නමුත් එය ආකර්ෂණය කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ඒ වගේම දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය භූමිය ද හඳුනාගෙන ඇති බව කිව යුතුයි.
එහි ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනරජය සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් තවත් බොහෝ පාර්ශ්වකරුවන් මේ සඳහා සහභාගිවීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතට පත් කිරීමට අප අපේක්ෂා කරනවා.
මෙම සියලු කටයුතු සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ වේගවත් පරිවර්තනයකට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සඳහා අප එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය බලාපොරොත්තු වෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර :
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නැවත වරක් ඔබ ඉදිරියේ පෙනී සිටීම මට ගෞරවයක් වන අතර ඔබගේ ක්‍රියාකාරී සහභාගීත්වය සහ කැපවීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. මගේ මතකය අනුව 1954 දී, අපි මෙම ගමන ආරම්භ කළේ විශාල කැපවීමකින් යුතුවයි. 69 වසරකට පසු දෙවන වරටත් ශ්‍රී ලංකාවට මෙම සමුළුවේ සභාපතිත්වය දැරීමට ලැබීම පිළිබඳව මා ආඩම්බර වෙනවා.
මෙම ශාලාවේ පවතින සජීවී බව මඟින් පිළිබිඹු වන්නේ ආහාර සුරක්ෂිතතාව, තිරසර කෘෂිකර්මාන්තය මෙන්ම සංවර්ධනය යන අභියෝගවලට මුහුණදීම සඳහා වන අපගේ හවුල් කැපවීමයි. 2022 වසරේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වූ අර්බුදකාරී වාතාවරණය තුළ අතිගරු ජනාධිපතිතුමා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලබාදුන් සහයෝගය බෙහෙවින් අගය කළ යුතුයි.
මෙම සමුළුවේදී අප විසින් සිදුකරනු ලබන සාකච්ඡා හා සහයෝගීතාවයෙන් ඇතිවන ප්‍රතිඵල මෙන්ම තිරසර කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා අප විසින් දක්වනු ලබන හවුල් කැපවීම, ආසියා-පැසිෆික් කලාපය සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල්
ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) :
ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අතර ඉතා දිගු සබඳතාවක් පවතිනවා. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත්තේ 1950 දශකයේ දීයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ පළමු නියෝජිත කාර්යාලය විවෘත වූයේ ද 1979 වර්ෂයේ ශ්‍රී ලංකාවේදීයි. කෘෂිකර්මාන්තය මෙන්ම කෘෂිකාර්මික වන වගා සහ ජලජ ජීවී වගා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව සතුව විශාල විභවයක් පවතිනවා. මෙම ක්ෂේත්‍රයන් සතුව පවතින ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ලැබීම මා ගෞරවයක් ලෙස සලකනවා. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ශක්තිමත් මඟපෙන්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තය නවීකරණයට ලක්කිරීමේ වැඩසටහන, ඇත්ත වශයෙන්ම වෙනසක් ඇති කළ හැකි අදහස්වලින් සමන්විත වෙනවා. ඒ වෙනුවෙන් අප අපගේ සහය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලොහාන් රත්වත්තෙ, කාදර් මස්තාන් යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) නියෝජිතයෝ, දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1980#sigProId6c39ae5e96

පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස ජානක වක්කුඹුර පත් කෙරේ
පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු විසින් මීට පෙර දරන ලද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියේය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.....
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ.
අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහතින් දැක්වෙයි.

කොටකෙතන ‘දාම ඝාතකයාට’ මරණ දඬුවම
රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධි දාමයක පුරුකක් වූ 2012 වසරේ ජූලි 19 වන දා මවක හා දියණියක මරා දැමීමේ හා දියණිය දූෂණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඊයේ (පෙබ. 19) මරණ දඬුවම නියම කර තිබේ.
මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ, කොටකෙතන ප්‍රදේශයේ 35 හැවිරිදි අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති පුද්ගලයෙකුට ය.
මහාධිකරණයේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා ද, දැල්වෙමින් තිබු විදුලි බුබුළු ද නිවා දමා විත්තිකරුට පැනවූ මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියම කළා ය.
මෙම චූදිතයාට එල්ල කර තිබූ අධිචෝදනා තුනෙන් දෙකකට වරදකරු බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනිමින් සාක්ෂි මෙහෙයවමින් සිදු කළ මෙම නඩු විභාගයේදී විත්තිකරුට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව සාක්ෂි මඟින් චෝදනා ඔප්පු කර ඇතැයි සඳහන් කරමින් පිටු 147කින් යුතු නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළාය.

ෆොනී සටන අරඹයි : සජබට තහනම් නියෝගයක් !
සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමිනි.
මෙම වාරණ නියෝගය දින දාහතරක් සඳහා වලංගු වක අතර සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස එහි මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් කර තිබේ.
පසුගිය සමයේ සජබ අභ්‍යන්තරයේ පැවති අර්බුදය නෛතික අර්බුදයක් දක්වා මේ සමඟ පොලාපැන තිබේ.

අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ !
අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
2024 වසරට අදාළ පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේ ද පැවසීය.
2024 වසරට අදාළ පාසල් පෙළ පොත් මේ වන විට 100%ක් පර්යන්ත වෙත යවා අවසන් කර තිබෙනවා. එය පාසල් මට්ටමින් බෙදාහැරීමේ කටයුතු මාර්තු මස පළමු වනදා වන විට අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 12,000ක් වනවා.
ඒ වගේම පාසල් ළමුන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් 80%ක ප්‍රමාණයක් එනම් රුපියල් බිලියන 05ක් වටිනා රෙදි තොගයක් චීන ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ අපට ලැබී තිබෙනවා. එහි බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඒ වගේම ඉතිරි 20% හෙට දිනයේ ලැබීමට නියමිතයි.
එමෙන්ම මෙම වසරට අදාළ පාසල් කාලසටහන් සහ වාර සටහන් මේ දිනවල සකස් කරමින් සිටිනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට උසස් පෙළ විභාගය ද නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සකස් කරමින් සිටිනවා. ඊට අදාළ කටයුතු ඉදිරි සති දෙක තුන ඇතුළත චක්‍රලේඛයක් මඟින් පාසල් වෙත ලබාදීමට කටයුතු කරනවා.
ඒ වගේම දරුවන් පාසල් නොයෑම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව උපත් සංඛ්‍යාවේ අඩුවීම ද පාසල් වෙත ළමුන් ඇතුළත් වන ප්‍රමාණය අඩු වීමට හේතුවක් වී තිබෙනවා. එය 0.17% ප්‍රමාණයක් බව සඳහන් කළ යුතුයි.
එමෙන්ම ගුරු හිඟය සම්බන්ධ ගැටලුව සිදුව ඇත්තේ අධිකරණ කටයුත්තක් නිසයි. ඉන් එක් නඩු කටයුත්තක් වන්නේ ගුරු පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම් නවතාලමින් තහනම් නියෝගයක් ගෙන තිබීමයි. මේ හේතුවෙන් ගුරු පුරප්පාඩු පිරවීම මාස 10ක් දක්වා කල් ගොස් තිබෙනවා. ලබන සති දෙක තුළ අධිකරණ තීන්දුව ලැබුණහොත් ඉතා කඩිනමින් එම ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ හැකියාව පවතිනවා. ගුරුවරුන් 20,000කගේ පුරප්පාඩුව දරුවන්ට දැඩි ලෙස බලපා තිබෙනවා.
එමෙන්ම සේවය හැර ගිය සහ විදෙස් ගත වූ ගුරුවරුන් වෙනුවෙන් පළාත් මට්ටමින් පුරප්පාඩු 13,500ක් පවතිනවා. නමුත් එම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම ගැටලුවට අදාළ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කළහොත් කඩිනමින් එම බඳවා ගැනීම් ද සිදුකිරීමට අපට හැකියාව තිබෙනවා.
මීට අමතරව විද්‍යා හා තාක්ෂණ මට්ටමේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම්වලට අදාළ විභාගය ගුරුසේවා ව්‍යවස්ථාව අනුව මාර්තු මුල සතියේ පවත්වා මාර්තු මස අග වන විට බඳවා ගැනීම් කිරීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතිනවා.
ඒ වගේම පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙනවා. ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කිරීම සිදුකළා.
එමෙන්ම මවුපියන්ට ලබාදෙන උපදෙස් සඳහා පන්ති කව පැවැත්වීම් අදින් ආරම්භ කළා. මෙහිදී මාර්ග ආරක්ෂණය, මත්ද්‍රව්‍යයන්ගෙන් වැළැක්වීම සහ විවිධ අතවරයන්ගෙන් වැළැක්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ආරක්ෂාවීම පිළිබඳව උපදේශනයන් පැවැත්වීම ආරම්භ කළා.
ඒ වගේම මෙවර උසස් පෙළ අවසන් වූ සිසුන් වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන කාලය අතරතුර දිවයිනේ මධ්‍යස්ථාන 300ක් ආවරණය වන පරිදි පස්වරු 02.00 සිට 04.30 දක්වා වෘත්තීය හා තාක්ෂණ මාර්ගෝපදේශන පාඨමාලා ආරම්භ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් මයික්‍රෝසොෆ්ට් ආයතනය සහයෝගය ලබා දෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් හමුව නැරඹීමට ශිෂ්‍යාවන් පිරිසකට අවස්ථාව !
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.
රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.
රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ස්තූතිය පිරිනැමුවාය.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1980#sigProId9633becca9

වතු ජනතාවට නිවාස 1,300ක්
භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1,300ක් ඉදිකිරිමේ කටයුතු අද (පෙබ. 19) නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු 45කට නිවාස 50 බැගින් නිවාස ඉදි කිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදි කරන මෙම නිවාස සඳහා ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ විසිඅටහමාරක ප්‍රතිපාදන ලබා දෙන අතර මෙරට රජයෙන් එක් නිවසක් ඉදි කිරීම සඳහා පර්චස් 10ක ඉඩමක්, පානීය ජලය සහ විදුලිය ඇතුළු මංමාවත් ලබා දීම සිදු කරනු ලබයි.
පර්චස් 10ක ඉඩමක ඉදි කරන මෙම එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත වර්ග අඩි 550ක නිවසක් වන අතර, මෙම නිවාසලාභීන්ට ලබා දෙන නිවස තවත් පුළුල් කර ගැනිමට අවස්ථාව ලබා දී තිබේ.
වතුකරයේ නිවාස නොමැති වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දියානු රජය මගින් මෙම නිවාස වැවිලි මානව සංවර්ධන භාරය හරහා ඉදි කිරිම් කටයුතු සිදු කරනු ලබයි.
එම නිවාස යෝජනා ක්‍රමයට අනුව ලක්ෂපාන, වාලමලේ වතුයායේ වතු නිවාස පනහක් ඉදිකිරීමේ කටයුතු ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කනපති කනගරාජ්ගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ කළ අතර ඒ සඳහා ලක්ෂපාන වතුයායේ වතු අධිකාරි කුෂාන් හේරත් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වී ඇත.

ජනපති හා UN FAO අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවිය.
ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා නව ප්‍රතිසංස්කරණ මඟින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා සිදු කරන කැපවීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමීය.
මෙම තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට තවදුරටත් ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සහතික විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී කෘෂිකර්මය ප්‍රධාන ක්ෂේත්‍රයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දායකත්වය සහ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උඩරට මැණිකේ පීලි පනී
අද පෙ.ව.05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පැමිණි උඩරට මැණිකේ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසල දී පීලි පැන ඇත.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1980#sigProIdfa1285aa9c

දුරකථන පාටියේ තවත් අවුලක් !
දුරකථන පාටියේ මේ දවස්වල අභ්‍යන්තර ප්‍රශ්නයක්ලු.
ඒ පක්ෂයේ ලොකු තැන විසින් දෙන නියෝගවලට වඩා වෙන කෙනෙක්ගේ නියෝග පක්ෂයේ සමහර සමහර අයට යන්න පටන් අරන් නිසාලු.
ලොක්කගෙ දකුණු අතක් වගේ ඉන්න මේ කෙනා ලොක්කට වඩා බලය පෙන්නනවා කියලයි ආරංචිය. සමහර වෙලාවට ලොක්කා දන්නේ නැති දේවලුත් එයා කරලලු.
මේ දවස්වල ගොඩක් අයට මේක වෙලා තියෙන නිසා ඒ අය ඉන්නේ තරහෙන්ලු. සමහර අය ලොක්කට නොකියම එළියට යන්නත් ප්ලෑන් කරනවලු. මෙයා ගැන කාලයක් පැමිණිලි කළාට වැඩක් නැති නිසා හැමෝම කතා නොකර ඉන්න තීරණය කරලලු ඉන්නේ.
ඒත් කොයි වෙලේ හරි මෙයාගේ අසාධාරණ වැඩවලට එරෙහිව කණ්ඩායම් රැස්වීමකදී කට්ටියම නැගිටලා යන්නත් තීරණය කරලලු තියෙන්නේ.
- deshaya

රට මෑතකදී මුහුණදී සිටි අභියෝගාත්මක කාරණයේ අලුත්ම තත්ත්වය මෙන්න !
මෑතකාලීනව රට මුහුණ දුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට , දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති අතර ජූනි මාසය වන විට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය වී ඇත.
මේ අතර, විදේශ ණය බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළ සියඹලාපිටිය අමාත්‍යවරයා , එම බහු පාර්ශ්වීය ණය අඛණ්ඩ ව ගෙවීමට කටයුතු කළ බව ද සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ද්වි පාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථක ව මේ වන විට පැවැත්වෙමින් ඇති බවත් රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමා කොට ගිවිසුම්ගත වීමට හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.
එමෙන්ම ස්වෛරීත්ව බැදුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විට හා ණය ප්‍රතිව්‍යුහගතකරණය ජූනි මාසය වන විට සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසීය.

ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂක ඉත්තෑවා ආයෙත් එළියට : මෙන්න සාක්ෂි !
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිරි දින කීපයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරග දෙකට අදාළ ප්‍රවේශපත් අළෙවි කර අවසන් බව ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ හේතුවෙන් සියලුම ප්‍රවේශපත් කවුළු මේ වන විට වසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ සහ දඹුල්ල පිහිටුවා තිබූ ප්‍රවේශපත් කවුළු ද වසා ඇති බැවින් එම කවුළු වෙත පැමිණ අපහසුතාවට පත්නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ සඳහන් කර ඇත.
දඹුල්ලේදී පැවැති දෙරට අතර පළමු විස්සයි20 තරගය ප්‍රේක්‍ෂකයන් 18,000 ක් පමණ නැරඹූ බවත් දෙවැනි තරගය හෙට (19) ද, තෙවැනි තරගය 21 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

ඉබ්බාගමුව පාසලක මත්වූ සිසුන් රෝහලේ !
ඉබ්බාගමුව කලාපයේ ප්‍රාථමික පාසල සිසුන් සිව් දෙනකු දැඩි ලෙස මත්ව සිහිසුන් වී පාසලේ ගසක් යට වැටී සිටයදී කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඉන් එක් සිසුවකු දැඩි ලෙස මත්ව සිටි නිසා ඔහුගේ තත්වය බරපතල බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
රෝහල් ගතකොට සිටින සිසුන් ලිහිනිවැහැර අවට පදිංචි කරුවෝ වෙති.
මෙම සිසුන් සිව් දෙනා කිසියම් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැකකරන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ පාසල පැවැත්වෙන වෙලාව තුලදී මෙම සිසුහු මෙසේ මත් ගතියෙන් පාසලේ ගසක් යට වැටී සිටියදී හමුවීමෙන් පසුව ඔවුහූ රම්බඩගල්ල රෝහලට ඇතුලත් කර ඇතත් සිසුන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් ගතකල බව රම්බඩගල්ල රෝහල් ප්‍රකාශකයෙක් සනාත කලේය.
හදුනානොගත් පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට සැකකෙරෙන බව සිදුවීම පිළිබදව පරීක්ෂණ මෙහෙය වන මදුරාගොඩ පොලිසිය පවසයි.
කිසියම් පෙතිවර්ගයක් ගසයට වැටීතිබි අහුලාගෙන පානය කල බවට සිසුහූ පැවසුවත් මේවා කිසියම් වැඩිහිටියෙකු විසින් එම සිසුන්ට ලබාදුන්නේද යන්න පිළිබදව සොයා බලන බව මදුරාගොඩ පොලිසිය සදහන් කළේය.
මින් එක් දරුවකුගේ පියකු දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින බවත් ඔහුගේ මත් පෙති රැගෙන ඇවිත් පානය කළේය යන්න ගැන පරීක්ෂණ මෙහෙයවයි.
- lankadeepa

බන්ධනාගාර රෝහලේ තදබදයක් - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
බන්ධනාගාර රෝහලේ දැඩි තදබදයක් මතුව ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ ඇඳන් 185 ක් පවතින බවයි.
එහෙත්, මේ වන විට රැඳවියන් 350 දෙනෙකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව, ඔහු සඳහන් කළේ ය
ඉදිරියේදී එම තත්ත්වය ඉහළ ගියහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බන්ධනාගාර ගත රැඳවියන් ප්‍රමාණය, ශීඝ්‍රයෙන් ඉහළ යාම, එම තත්ත්වයට හේතුවයි.
newsfirst

නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි !
දීර්ඝ කාලයක් පුරා අතපසු වූ නමුත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් අද රට තුළ සිදු කෙරෙමින් තිබෙන අතර ඒවා දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
අතීතයේ දී මැතිවරණ පිළිබඳ පමණක් සිතා තීන්දු ගැනීම රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා වත්මන් රජය සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ අද දවසේ හිමි නොවුණද, රටේ තරුණ තරුණියන් සහ අනාගත පරපුරට නිසැක වශයෙන්ම එම ප්‍රතිලාභ හිමිවනු ඇති බවද සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (15) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති 2024 අයවැය යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. ජනාධිපති වෘත්තීය සබඳතා අංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි වුවද වැඩිවූ ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි නොවූ බවත්, ඒ හේතුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදු කරමින් ජනතාවට උපරිම සහන සැලසීමට රජය කටයුතු කරමින් සිටින බවත් මෙහිදී පැවසූ සාගල රත්නායක මහතා විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් සමඟ ජනතාවගේ ආදායම් මට්ටම ද ඉහළ යන බව පෙන්වා දුන්නේය.
තවද ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති නැවත නඟා සිටුවීමට මෙවර අයවැය මඟින් මුදල් වෙන් කර ඇති බවත්, ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීම තුළින් නැවත විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවත් සාගල රත්නායක පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේ ද පැවසීය.
මීට වසර එක හමාරකට පෙර මේ රටේ තිබූ තත්ත්වය අපට අමතක නැහැ. එදා ජනතාවට ගෑස් පෝලිම්වල, ඉන්ධන පෝලිම්වල කාලය ගත කිරීමට සිදු වුණා. අවශ්‍ය ඖෂධ ටික ලබා ගැනීම පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ජීවිතයේ ඉතා අසීරු තත්ත්වයකට අප පත්ව සිටියා.
එදා රටක් ලෙස අප සම්පූර්ණයෙන් බංකොලොත් භාවයට පත්ව තිබුණා. ආණ්ඩුව ගෙනයාමට අවශ්‍ය රුපියල් ශත ආදායමවත් තිබුණේ නැහැ. ඉන්ධන සහ ගෑස් ආනයනයටවත් මුදල් තිබුණේ නැහැ. ඒ වගේම ජනතාව පාරට පැමිණ නීතිය හා සාමය කඩවෙලා තිබුණා. අරගලය යහපත් අරමුණකින් ආරම්භ වුවත් අවසන් කාලය වන විට රටේ රාජ්‍ය දේපළ විනාශ කරමින් රටේ නීතිය හා සාමය කඩවන තත්ත්වයකට පත්ව තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන සතියක් දෙකක් යන විට රට තුළ නීතිය හා සාමය නැවත ස්ථාපිත කිරීමට හැකි වුණා. ඒ වගේම මූල්‍ය අර්බුදයට යම් විසඳුමක් ලබා දී අවශ්‍ය මූලික සැපයුම් වන ඉන්ධන, ගෑස්, ඖෂධ ලබාදීමට කටයුතු කළා. එද පොහොර නැතිව කෘෂිකර්මාන්තය කඩා වැටීමකට ලක්ව තිබුණා.
මේ රටේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන කරුණු දෙකක් හේතු වුණා. ඉන් පළමුවැන්න තමයි පොහොර ප්‍රතිපත්තිය නිසා ඇති වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කඩා වැටීම. දෙවැනි හේතුව වූයේ රාජ්‍ය ආදායම් පිළිබඳ දැරූ ප්‍රතිපත්ති අනුව සිදුකළ බදු ආදායම අඩු කිරීම නිසා රජයට බදු ආදායම් අහිමි වීම. ඒ වගේම මැතිවරණ පිළිබඳ පමණක් සිතා ගත් තීන්දු තීරණ නිසා මතු වූ ප්‍රශ්න ගණනාවක් තිබුණා. මේ අර්බුද යම් තරමක් දුරට සමනය කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා විදේශ රටවලින් අපට ආධාර උපකාර ලැබුණා.
ඉන්පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇතිකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාමට ජනාධිපතිතුමා තීරණය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර පීඩනයන් අවම කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එකඟ වුණා. එහිදී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නම් බදු ප්‍රතිපත්ති වෙනස් කළ යුතුව තිබුණා.
රුපියලේ අගය පහළ යාම නිසා රටේ ජනතාවගේ ජීවන බර වැඩි වුණා. මේ සමඟ බදු වැඩි කළ විට ජනතාව තවත් පීඩාවට පත් වෙනවා. නමුත් එය සිදු නොකළහොත් කෙසේවත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වෙනවා. නමුත් වසර දෙක තුනක් මෙම අසීරුතා විඳ දරාගතහොත් අපට සහනයක් ලබා ගත හැකියි. ඒ අනුව අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වෙලා එම වැඩසටහනට එළැඹුණා.
මේ තත්ත්වයට පත් වූ අනෙක් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමට දීර්ඝකාලයක් ගත වුණා. නමුත් අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කඩිනමින් ගිවිසුම්ගත වීම නිසා ජාත්‍යන්තරය තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වුණා.
අපේ රටේ ආර්ථිකය නැවත හැරවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබාදුන් සහතිකය අපට වඩා වාසිදායක වුණා. ඒ අනුව නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ අප ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. ඒ වගේම ජනතාවට මුහුණ දීමට සිදු වන අසීරුතා පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත්, වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟත් සාකච්ඡා කර සහන ලබා ගැනීමට කටයුතු කළා.
“අස්වැසුම” ඒ අනුව ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහනක්. ඉදිරියේ දී එය තව තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරනවා. මෙම වැඩසටහන සමඟ ජනතාවගේ මූල්‍ය දුෂ්කරතා යම් තරමකින් හෝ පියවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒවගේම එහි ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකර තිබෙනවා. සමෘද්ධියට වෙන් කරන මුදලට වඩා තුන් ගුණයක් අප අස්වැසුම සඳහා වෙන් කළා. එම මුදල සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරෙනවා. ඉදිරියේ දී ඩිජිටල්කරණය සමඟ එම වැඩසටහන තවත් දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම ගර්භණී මවුවරුන්ට ලබා දුන් පෝෂණ මල්ල නැවත ලබාදීමට කටයුතු කළා. වැඩිහිටියන්ට, වකුගඩු රෝගීන්ට ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ දීමනා නියමිත පරිදි ලබා දෙමින් එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ වගේම පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු හඳුනාගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. මෙවැනි වැඩසටහන් අපි දිගින් දිගටම දියුණු කරමින් ඉදිරියට ගෙන යනවා.
ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථකව සිදු වෙනවා. එහි පළමු පියවර වන ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැරිස් සමාජය සමඟ එකඟතාවකට පැමිණ තිබෙන අතර එය ප්‍රකාශයට පත් කිරීම ආසන්න තත්ත්වයේ පවතිනවා. එය ප්‍රකාශයට පත්වීමත් සමඟ අපේ රට සම්පූර්ණයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වෙනවා. ඒ අනුව ජාත්‍යන්තරයේ ණය ලබා ගැනීමේ තත්ත්වය ශක්තිමත් වන අතර රටට සහන ලැබෙනවා වගේම රටට ආයෝජකයන් පැමිණීමට පටන් ගන්නවා.
බංකොලොත්භාවයෙන් නිදහස් වී අප සාමාන්‍ය රටක් ලෙස නැවත ගනුදෙනු ආරම්භ කළ යුතුයි. ඒ වගේම අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. ඒ සඳහා අප ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ ප්‍රමුඛ වැඩසටහනක් බව කිව යුතුයි. දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකින් අස්වැන්න ලැබෙන්නේ ටොන් 04ක පමණ ප්‍රමාණයක්. එය දෙගුණයක් කර ගැනීමට හැකි වැඩසටහනක් දැන් සකස් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන් මෙම වර්ෂයේ දී ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තය කෙරෙහි අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දැනටමත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර පසුගිය වසරේ සංචාරකයක් 14,89,000ක් මෙරටට පැමිණ තිබෙනවා. එය ඊට පෙර වසරට වඩා දෙගුණයක වැඩිවීමක් බව කිවයුතුයි. ඒ වගේම මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ 2017 වසරේදීයි. එම සංඛ්‍යාව ලක්ෂ 25ක්. අපේ ඉලක්කය වන්නේ එම ප්‍රමාණය අභිඹවා යාම පමණක් නොවෙයි. ලබන වසර වන විට එය තවත් ඉහළ නංවා ගැනීමයි. එමෙන්ම දැනට මෙරටට පැමිණෙන සංචාරකයන් දිනකට ඩොලර් 100ක් පමණ වැය කරන සංචාරකයන්. ඔවුන්ට අමතරව දිනකට ඩොලර් 500ක් පමණ වැය කරන ඉහළ පෙළේ සංචාරකයන් ද මෙරටට ගෙන්වා ගැනීමට අප නව වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් කර්මාන්තය යන මේ සියලු අංශවල පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරනවා.
පසුගිය ආර්ථික කඩාවැටීම නිසා අප සියලුදෙනා පීඩාවට පත් වුණා. දීර්ඝ කාලයක් පුරා අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් අප මේ වන විට සිදු කරමින් සිටිනවා. මෙය දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි.
ඇතැම් විට මෙහි සිටින අපට එහි ප්‍රතිඵල සියයට සියයක්ම දැක ගැනීමට නොහැකි වෙයි. නමුත් අනාගත පරපුරට සහ තරුණ තරුණියන්ට නිසැක වශයෙන්ම එහි ප්‍රතිලාභ හිමි වෙනවා. ඒ සඳහා අප මෙම මාර්ගයේම ඉදිරියට යා යුතුයි. මෙම බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ අප සිදු කරන්නේ නැවත හරවන්න බැරි අන්දමින් පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමෙන් පසුවයි. නමුත් අපි ඒ වැඩකටයුතු ක්‍රමානුකූලව අවසන් කළයුතුයි. ඒ සඳහා අප රටක් ලෙස එක්විය යුතුයි.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග :
2022 අප්‍රේල් මාසයේ 12 වැනි දින ණය ගෙවිය නොහැකි බවට පළමු වතාවට රජය ප්‍රකාශයට පත් කළා. නමුත් අපි ණය නොගෙව්වේ විදේශ රටවලින් ගත් ණය සහ ජාත්‍යන්තර බැදුම්කරවලට ගත් ණය පමණයි. අප එදා සිට අපේ දේශීය ණය, ජාත්‍යන්තර ප්‍රධාන මූල්‍ය ආයතනවලින් ගත් ණය අඛණ්ඩව ගෙවා ගෙන ආවා. නමුත් වැඩි කොටසක් තිබුණේ විදෙස් රටවලින් ගත් ණය සහ පුද්ගලික ණය නිසා ඒවායේ ගෙවීම් සිදු කළේ නැහැ.
කෙසේ වුවත් පුද්ගලිකවත් ලබාගත් ණය ගෙවිය නොහැකියි කියන්නේ බංකොලොත්භාවය තමයි. අවුරුදු 100ක වැනි මෑත ඉතිහාසය තුළ කවදාවත් මෙවැනි තත්ත්වයකට පත් වී නැහැ. ඒ නිසා එම 2022 අප්‍රේල් 12 වැනිදාව ශ්‍රී ලංකා ආර්ථික සහ සමාජ දේශපාලන ඉතිහාසයේ කඩඉම් වර්ෂයක් හා දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවත් ජනතාවත් කියා සිටියේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු එකම දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම බවයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කළත් එම නිලධාරීන් ඒ අවස්ථාවේ මෙරටට පැමිණීමට බිය වුණා. සූම් සාකච්ඡා හරහා ඉතා අසීරු ගමනක් ගිහින් සැප්තැම්බර් 01 වැනිදා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි සහිත එකඟතාවකට පැමිණීමට හැකි වුණා. වසර 04ක කාලපරිච්ඡේදයක් සඳහා ඩොලර් බිලියන 03ක එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව ණය නොගෙවන බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් එය ලබා දිය නොහැකි බව ඔවුන් පැවසුවා. ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ණය ගෙවන වැඩපිළිවෙළක සිටින බවට එකඟතාවකට පැමිණෙන ලෙස ඔවුන් දැන්වුවා. ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන දෙකක උපදෙස් ලබා ගනිමින් මාස 07ක් තිස්සේ සාකච්ඡා සිදු කර 2023 මාර්තු 20 වැනිදා තමයි අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව ලැබුණේ. එය ලොකු මුදලක් නොවෙයි වුවත් ලංකාවේ හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තිබෙන බවට සහතිකයක් ලබා ගැනීමට හැකි වුණා.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය :
2024 අය වැය ලේඛනය කියන්නේ මෙම වසර තුළ රට ගෙන යන්නේ කොතැනටද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන මූල්‍යමය ලියවිල්ලයි. එය නිසි ලෙස අධ්‍යයනය කර ඊට දායකත්වය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි අදහසක් ලබා ගැනීම අතිශය වැදගත් කාරණාවක් බව කිවයුතුයි.
පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන උප සංස්කෘතිකයක් අපේ රටේ නිර්මාණය වුණා. ඒ වගේම තෙල් බවුසරයක් ඉන්ධන හළ වෙත පැමිණෙන විට අත්පොළසන් දෙන සමාජයක් අපට දකින්න ලැබුණා. එවන් අසීරු යුගයක් තමයි අප දැන් යම් ප්‍රමාණයකට අවසන් කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ නිවැරදි වැඩපිළිවෙළ නිසා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අද අපට රටක් ලෙස නැවත නැගී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එම වැඩපිළිවෙළ අද ලෝකය පිළිගෙන තිබෙනවා. වැටුණු රටවල් අතරින් ඉක්මණින් නැගි සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන් ද පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SLRC සහ SLBC එක් කරන සමාගමක් එයි !
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවද සඳහන්ය.
මෙම ආයතන දෙකම දැනට අධික ණය බරින් මිරිකෙන බව මේ සම්බන්ධව රජය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත. ඒ අනුව රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය ගෙවීමට ඇතැයි වාර්තා වෙයි.
එසේම මෙම ආයතන දෙකේ විදුලිය බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වෙයි. ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වෙයි. ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වී ඇති නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් දේශයට ලැබුණු තොරතුරු අනුව මෙකී සංස්ථා දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද සඳහන්ය.
- deshaya

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා - පැසිෆික් කලාපීය සමුළුව 19 ඇරඹේ !
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි .
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ අවසන් සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.
මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබේ.
මීට සමගාමී ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හෙට මෙරටට පැමිණීමට නියමිතයි.
චීනය, මැලේසියාව, ජපානය, පාකිස්තානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරුන් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව ද සඳහන් ය.
සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පැවති ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයන් පිරිසක් එකවර සහභාගි වන සමුළුව මෙය වන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.
Page 111 of 475