ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක පත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම සිදුකර ඇත.
මෙතෙක් ලංකා බැංකුවේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඊයේ (12) එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
කාවන් රත්නායක මීට පෙර රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධාන විධායක නිලධාරී ධුරයන් දරා තිබේ.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස හෝ වෙනත් වගකීම් සහගත තනතුරක් සඳහා රෝලන්ඩ් පෙරේරා පත්කිරීමට නියමිත බැවින් ඔහුගේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
