උත්තර සභාවෙන් ගැලවුන වීරසුමන වීරසිංහ : දිලිත්ගේ වේදිකාවේ !

උත්තර සභාවෙන් ගැලවුන වීරසුමන වීරසිංහ : දිලිත්ගේ වේදිකාවේ !

කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි වීරසුමන වීරසිංහ මව්බිම ජනතා පක්ෂයට එක්ව තිබේ.

මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුවේදී ඔහු මෙසේ සිය දේශපාලන පිල්මාරුව සිදුකර ඇති අතර එතෙක් ඔහු නියෝජනය කර සිටියේ පොදුජන පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගෙන ගොඩනැගූ උත්තර සභාව සමඟය.

මෙම දේශපාලන පිල් මාරුව සමග මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ගොඩගත හැකි එකම ආර්ථික වැඩසටහන ඇත්තේ මව්බිම ජනතා පක්ෂය පක්ෂයේ වැඩපිළිවෙල සතුව බවයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් මේ වන විට බිම් මට්ටමේ දේශපාලන කටයුතුවල නිරතව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න