ටිල්වින් ගේ බිග්මැච් විරෝධයට විරෝධයක් !

ටිල්වින් ගේ බිග්මැච් විරෝධයට විරෝධයක් !

වගකිවයුතු දේශපාලනඥයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා අන්තර් පාසල් ක්‍රිකට් තරග නැවැත්විය යුතු බවට කර ඇති ප්‍රකාශය දැඩි අප්‍රසාදයට ලක් කරන බව,, නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීශ්වර බණ්ඩාර පවසයි .

මේ හමුවේ අනුර කුමාර දිසානායක ඉදිරි ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්තිය තුළ ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රශ්නාර්ථයකට ලක් වෙන බවද ඔහු අවධාරණය කරයි.

නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සුගීශ්වර බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් මාසික නියෝජිත හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

“වසර 100කටත් එහා ගිය ඉතිහාසයක් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග හෙවත් බිග්මැච්වලට පවතිනවා. ඒවායින් බිහිවන ක්‍රිකට් තරු රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අපේ පුංචි රට ලෝකයේ ඉහළින් ඔසවා තබනවා.

නිල් මහා සටන, කඳුකරයේ සුලෝහිත සංග්‍රාමය, පෙම්වතුන්ගේ සටන වැනි අන්වර්ථ නාමයන් පටබැඳි මේ අන්තර් පාසල් ක්‍රිකට් තරග ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කරන උල්පත වෙලා තිබෙනවා. මෙහි කාලීන වටිනාකම හඳුනාගෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට බලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් වෙහෙසෙන මොහොතක රටට වගකිවයුතු දේශපාලනඥයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා අන්තර් පාසල් ක්‍රිකට් තරග නැවැත්විය යුතු බවට කර ඇති ප්‍රකාශය මම දැඩි අප්‍රසාදයට ලක් කරනවා. එවගේම අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්තිය තුළ ක්‍රීඩා ප්‍රතිපත්තිය ප්‍රශ්නාර්ථයකට ලක් වෙනවා.

මෙවැනි මතවාද දරන පුද්ගලයන් බලයට පත් කරනවා නම් 88 / 89 කාලයේ ගෙවල්වල බත් මුට්ටි උස්සන් දුවන ක්‍රීඩා වැනි දෑ ජාතික ක්‍රීඩා මට්ටමට හඳුන්වා දීමට ඔවුන් කටයුතු නොකරාවි යැයි සිතිය නොහැකියි. එම නිසා රැල්ලට ඡන්දය දෙනවා වෙනුවට රටක් පිළිබඳ නිසි දැක්මක්, නිසි ප්‍රතිපත්තියක් ඇති නායකයකුට ඉදිරි වසර 05 රට භාරදීමට අපේ වටිනා ඡන්දය පාවිච්චි කළ යුතුයි. දැනට යෝජනා වී ඇති නම් අතරින් ඒ සඳහා දැනට සිටින එකම සුදුස්සා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.”

නෙත්මි පූජනී රත්නායක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න