බොදු බල සේනා සංවිධානය සහ නාගානන්ද කොඩිතුවක්කු අතර ඊයේ (08) දිනයේ දැඩි මතගැටුමක් සිදුව ඇත. ඒ, විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකික තරුණ පිරිසක් විසින් සංවිධානය කළ ‘විසඳුම’ නම් සංවාද මණ්ඩපයක දීය.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංවිධාන මධ්‍යස්ථානයේ (OPASL) පැවැති මෙම වැඩසටහනට රොහාන් පල්ලෙවත්ත, රජිව් සෙබස්තියන්, කමල් අද්දරආරච්චි ඇතුළු විකල්ප මතධාරීන් පිරිසකට මෙන්ම බොදු බල සේනා සංවිධානයටද ආරාධනා කර තිබිණ.
සංවාදය අතරතුර දී බොදු බල සේනා විධායක නිලධාරී දිලන්ත විතානගේ විසින් නාගානන්ද කොඩිතුවක්කුට චෝදනා ස්වරයෙන් පවසා ඇත්තේ ඥානසාර හිමිට අධිකරණයේ දී අසාධාරණයක් සිදුවූ අවස්ථාවේ දී පවා නාගානන්ද කිසිදු මැදිහත්වීමක් නොවූ බවයි.
ඊට පිළිතුරු ලබා දෙමින් අදහස් දක්වා ඇති නාගානන්ද කියා ඇත්තේ තමා නීතියේ ආධිපත්‍ය ගරුකරන අයකු හැටියට නීතිය හමුවේ වැරැදි කළ අයකු වෙනුවෙන් පෙනී සිටීම තමාට කළ නොහැකි කාර්යයක් බවයි.
ඔහුගේ අදහස් දැක්වීම අතරතුර ඊට මැදිහත් වූ ඥානසාර හිමියන් පෙන්වා දී ඇත්තේ තමන්වහන්සේ කිසිවිටෙකත් නීතියට පටහැනි දෙයක් එහි දී සිදු නොවූ අතර, එහි දී සිදුවූයේ අධිකරණයෙන් අවසර ගෙන රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ රණවිරුවන් වෙනුවෙන් තමන්වහන්සේ අදහස් ඉදිරිපත් කිරීම පමණක් බවයි.
කෙසේ වෙතත් දිලන්ත විතානගේ ද පසුව මෙම සංවාදයට මැදිහත් වෙමින් නාගානන්දගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් තවදුරටත් අදහස් දක්වා තිබේ.
මෙහි දී නාගානන්ද වැඩිදුරටත් පවසා ඇත්තේ තම ප්‍රතිපත්තවලට එකඟවන්නේනම් ජනාධිපති අපේක්ෂකත්වයට ඥානසාර හිමි ඉදිරිපත් වුවත් ඊට තම සහාය හිමිවන බවයි.
පහත දැක්වෙන්නේ එම සිද්ධියේ අවස්ථා කිහිපයකි.
(මුලාශ්‍රය -janabalaya.lk)

