පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අභාවයෙන් අභිවයෙන් පුරප්පාඩු වී ඇති මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට මනෝජ් සිරිසේන පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
2015 මහ මැතිවරණයේ මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා වුවද ඔහු මේ වන විටත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇත.
එය සිදුවූයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහ මැතිවරණයෙන් පරාජය වූවත් ඔහුව ජාතික ලයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගැනීමට ජනාධිපති සිරිසේන කටයුතු කිරීම අනූවය.
නමුත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මේ වන විට ජනාධිපති සිරිසේන වෙත පිටුපා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරමින් සිටියි.
එසේම ඔහු මේ වන විටත් දන්වා ඇත්තේ තමන් කිසිසේත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්නොවන බවයි.
ඒ අනූව පරාජිත මනාප ලයිස්තුවේ ඊළගට සිටින මනෝජ් සිරිසේන වෙත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට අවස්ථාව හිමිවන අතර ඔහු ශ්‍රිලනිප පාර්ශවයට හිතවාදී ලෙස දේශපාලන කටයුතුවල නිරත බවත් වාර්තා වෙයි.

