පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධාන එපා : අත රකින  චන්ද්‍රිකාගේ අළුත්ම යෝජනාව මෙන්න !

පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධාන එපා : අත රකින  චන්ද්‍රිකාගේ අළුත්ම යෝජනාව මෙන්න !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව එ.ජා.පයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ද එයට ලබාගත හැකි යැයි අදාල  යෝජනාවේ සඳහන්  බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම   සිවිල් සංවිධාන රැසක් ද එක්කර ගැනීම නව සන්ධානයේ  ඊළඟ අරමුණ බවත් එසේ සකස් කරන සන්ධානය සුදුසු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දීමටත් අගමැති ධූරය ජනාධිපති සිරිසේන  ලබා ගැනීමත් එහි වැඩිදුරටත් සඳහන් බවත් වාර්තා වෙයි.

 යෝජනාවේ දෙවැනි පියවර ලෙස  එ.ජා.පයේ පවත්නා බල අරගලය හේතුවෙන් සජිත් පිල වෙනම තරගයකට සූදානම් වන්නේ නම් ඔවුන් නිසැකවම මෙම සන්ධාන යෝජනාවට එකඟ වනු ඇතැයි හිටපු ජනාධිපතිනිය විශ්වාසය පළ කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න