රනිල්-සජිත් හමුව කල්යයි

රනිල්-සජිත් හමුව කල්යයි

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳ හන් කරයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පමණක් හමුවී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව තීරණය කළ යුතු බව ඉකුත් සිකුරාදා(6) පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම හමුව සිදුවෙයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර පැවති මෙම හමුවේදී අද(8) දින ‘‘රනිල්, සජිත්’’ හමුව පැවැත්විය යුතුයැයි තීරණය විය.

කලින් යොදාගත් සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හම්බන්තොටට යාමට සිදුවී තිබීම මෙන්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද යාපනය සංචාරයෙන් පසු කොළඹ පැමිණයේ අද(8) දිනයේ බැවින් මෙම හමුව මදක් කල් දමන්නට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

මේ අනුව අනිද්දා(10) කැබිණට් මණ්ඩළ රැස්වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න