පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු කැඳවීමට සාකච්ඡාවී ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සහභාගීවීමට කැමැත්ත එම තේරීම් කාරක සභාව හමුවට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා මේවන විටත් කැමැත්ත පළ කර ඇත.
පසුගිය මැයි මස 28වනදා පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ප්‍රථමවරට රැස්වීමෙන් පසු පාර්ශව කිහිපයක් කැඳවා සාක්ෂි සටහන් කරගත්තේය.
අවසන් වරට තේරීම් කාරක සභාව පසුගිය 20වනදා රැස් වූ අතර එහිදී ඉදිරියේදී කමිටුවට හමුවට කැඳවිය යුතු පුද්ගලයන් පිළිබඳ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව තේරීම් කාරක සභාව හමුවට සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ සාගල රත්නායක කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
