එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු 05 ක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝගකර ඇති බව වාර්තා වෙයි.
2010 සිට 2014 දක්වා කාලය තුළ සතොස ආයතනයේ සේවකයින් 150 දෙනෙකු දේශපාලන කටයුතු සදහා යොදා ගනිමින් රජයට රුපියල් කෝටි 04 ක් පාඩු කිරීමේ චෝදනා මත සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
අගෝස්තු 09 වනදා නඩුව යළි කැඳවීමට නියමිත අතර නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ සතොස ආයතනයේ හිටපු සභාපතිවරයෙතු වන එරාජ් ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහිදීන් කාජා මොහොමඩ් ෆාකීර් යන අයය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
