බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම්දී ඇත.
එම දිවුරුම් දීම ජනාධිපති කාර්යාලයේ දී අද (04) සිදුව තිබේ.
ඒ.ජේ.එම්. මුසම්මිල් මීට පෙර ජනාධිපති සිරිසේන යටතේ වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළේය.
මීට පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කටයුතු කළේ අසාද් සාලි වන අතර ජනාධිපති සිරිසේනගේ දැඩි බලපෑම හමුවේ ඔහු ඊයේ (03) ඉල්ලා අස්විය.
මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා ද ඊයේ (03) ඉල්ලා අස්වූ අතර ඒද ජනාධිපති සිරිසේනගේ බලපෑම හමුවේය. එයින් පුරප්පාඩු වූ ආණ්ඩුකාර ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස පත්කිරීමට යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
