සිරිසේන මහත්තයා විසින් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කපා දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග පවසයි.
එබැවින් පක්ෂයේ සිදුවන දේ සම්බන්ධව තමන්ට දැනුමක් නොමැති බවද හිටපු ජනාධිපතිනිය සදහන් කර ඇත.
හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ ඇඹිලිපිටියේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය සදහන් කර සිටියේ හොරුන්ට, මිනිමරුවන්ට, ජඩ වැඩවලට විරුද්දව තමන් කටයුතු කරන නිසා තමන් පක්‍ෂයෙන් ඈත් කර තිබෙනවා විය හැකි බවය.
කෙසේ වෙතත් තමන් තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම බවත් ඇය සදහන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
