Image

වත්මන් ආණ්ඩුවරටේ ජනතාව ගේ පීඩනය සහ අසහනය ඉහළට ම ගෙනල්ලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුවරටේ ජනතාව ගේ පීඩනය සහ අසහනය ඉහළට ම ගෙනල්ලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය, දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් වැට් බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය අසහනය දරිද්‍රතාව දුක කඳුළ වේදනාව ඉහළටම ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ජනාධිපතිවරයා අධිකරණයේ මාධ්‍ය ප්‍රකාශක වෙලාද?

'' වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ලබා දුන් 15% ඉතිරි කිරීමේ පොලිය පවා අඩු කර තිබිය දී රටේ නීතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රටේ අධිකරණයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක බවට රටේ ජනාධිපතිවරයා පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන්න ආයතන 3 අතර සංවරණ හා තුලණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ හැකි නමුත් රටේ ජනාධිපතිවරයා මේ වන විට අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි පළ කර අධිකරණයෙ ක්‍රියාවලිය ගැන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයෙක්, විස්තර විචාරකවරයෙක්, පුවත් මවන්නෙක් ලෙස කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක් සේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය කිරිමක් වගේ ම අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල කිරීමක්.

ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක්

ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම රටේ දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රීය අයිතිය සහ අධිකරණ ක්‍රියාවලියට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට එල්ල කරන මරු පහරක්. එම නිසා ජනතාව ගේ කරපිට බදු බර පටවන බදු සූදුව වහා නවත්වා ජනතාවට සහන ලබා දී වැඩිහිටියන්ගේ ඉතිරි කිරීම්වලට පොලිය ලබා දෙන්න; අධිකරණයට බලපෑම් නොකර අධිකරණය ශක්තිමත් කරන්න. විනිසුරුවරුන් ගණනාවක් සිය උසස්වීම් වෙනුවෙන් පත්වීම් වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටින නමුත් රජය ඒ පත්කිරීම් පවා සිදු කර නැහැ. සිදුවිය යුත්තේ අධිකරණය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු 3 බලතල ආරක්ෂා කර සංවරණ හා තුලන ක්‍රියාවලිය සුරක්ෂා කරනවා මිස අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි ප්‍රකාශ කරන්නෙක් ලෙස ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු යි. එසේම රටේ ජනතාව ගේ දේශපාලන, ආර්ථික හා සමාජීය අයිතිය ශක්තිමත් කර රටේ ජනතාව ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කර හොද ජීවන තත්ත්වයක් රටේ ජනතාවට ලබා දිය යුතු යි. එය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සමාජ ගිවිසුම බැවින් එය උල්ලංඝනය නොකරන ලෙස ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඒ දේ කළොත් විකල්ප ආණ්ඩුව ලෙස විපක්ෂය පෙරට පැමිණෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න