ඔක්තෝම්බර් 26 දා කළු සිකුරාදා කුමන්ත්‍රණය දියත් වුනේ යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කල 'ගම්පෙරළිය' සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් ද ඇතිවූ බිය නිසා යයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ මාතර පැවති උත්සවයක් අමතමින්ය.
ගම්පෙරළිය වැඩසටහන අවලංගු කිරීම සඳහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව ද මංගල සමරවීර ඇමතිවරයා එහිදී පැවසිය.
ගම්පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ඉන් දැඩිලෙස කලබලයට පත්වූ බවත් සමරවීර මහතා කියා සිටියේය.
ගම්පෙරළිය ව්‍යාපෘතිය වර්ෂයක් පුරා ක්‍රියාත්මක වූයේ නම් ඒ හරහා දැවැන්ත පරාජයක් තමන්ට උරුම වන බව මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇති බවත් එම ව්‍යාපෘතිය අඩපන කිරීම සඳහා කෙසේ හෝ ආණ්ඩුව බිඳවැට්ටවිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.
ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු මැතිවරණ ආසන සඳහා ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් මිලියන 300 බැගින් ලබාදෙන බව අවධාරණය කර සිටි අමාත්‍යවරයා, තම රජය ආරම්භ කළ වැඩසටහන කිසිදු හේතුවක් නිසා අතරමග නතර නොකරන බවත් පෙරටත් වඩා වැඩි වේගයකින් එම ව්‍යාපෘතිය පවත්වාගෙන යන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
