Image

ශ්‍රීලනිප රැස්වීමේ උණුසුම් තත්ත්වයක් : පියදාස යන්තම් බේරෙයි !

ශ්‍රීලනිප රැස්වීමේ උණුසුම් තත්ත්වයක් : පියදාස යන්තම් බේරෙයි !

ඊයේ (24) උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේදී උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

සංවිධායකවරුන් විසින් ජනාධිපතිවරයා ඉදිරියේදීම පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර ඇති අතර එම සංවාදය ගැටුමක් දක්වා වර්ධනය වී සංවිධායකවරුන් විසින් පියදාස මහතාට පහරදීමට උත්සාහ කර ඇත. වහාම ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක අංශය විසින් එය වළක්වා ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.

රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් පොහොට්ටුව සමඟ එක්ව නිදහස් පක්ෂය විනාශ කල බව සංවිධායකවරුන්ගේ චෝදනාව වී ඇත.

'පොහොට්ටුවට ගිය රාජපක්ෂලා දැන් ඇඹරෙනවා'- ශ්‍රීලනිප ජාතික සංවිධායක

duminda dissanayakeමේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම රටම දුටු බවත් එය සැගවිය හැකි දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

එදා ප්‍රසිද්ධියේ ආඩම්බරයෙන් කල දේ ගැන අද ඒ ඔවුනගෙන් මාධ්‍ය විමසද්දී දැඩි අපහසුතාවයට පත්වනු දැකිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ (24) පැවති ශ්‍රී ලනිප ආසන සංවිධායකයන්ගේ හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ හෝ ඔවුන් නැවතත් ශ්‍රීලනිපයේ හා සන්ධානයේ සාමාජිකයන් යයි ප්‍රසිද්ධියේ කියන්නට වීම ගැන සතුටට පත් වන්නේ යයිද ඔහු පැවසිය.

ඔක්තොම්බර් 26 වැනිදා පටන් සිදු වූ දේශපාලන කලබගෑනියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම මගහැර සිටි දුමින්ද දිසානායක මහතා මෙසේ මාධ්‍ය වෙත පෙනී සිටියේ කලකට පසුය.

තමා කිසිඳු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න