Image

බස්, ත්‍රීරෝද රථ, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කෙරේ

බස්, ත්‍රීරෝද රථ, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කෙරේ

බස්ගාස්තු අඩු කිරීමට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමටද අදාළ සංගම් කැමැත්ත ප්‍රකාශ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.

අද (24දා) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම ඒකඟතාවට පැමිණ තිබේ. ඒ අනුව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ මගී ප්‍රවාහනයේදී මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් 10කින් අඩු කරන බවයි.

ඒසේම සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව සියයට 3%කින් අඩු කරන බවද ප්‍රකාශ කළේය.

මෙම ගාස්තු අඩු කිරීම්ද 26 වැනිදා මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න