Image

මහින්ද අමරවීරත් තීන්දුවක් ගනියි !

මහින්ද අමරවීරත් තීන්දුවක් ගනියි !

පාක්ෂිකයන් සහ රට වෙනුවෙන් තමන් ඉදිරියේදී බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තංගල්ල ආසනයේ පලාත් පාලන ආයතන නියොජිතයින් ගේ හමුවක් ඊයේ (23) අගුනුකොලපැලැස්ස කාර්යාලයේ දි පවත්වා ඇති අතර එහිදී මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර ඇත.

 අමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ පාක්ශිකයින් එජාප ඇමතිවරුන්ගෙන් සේවා ලබා ගැනිමට යොමු විමෙන් පක්ෂයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි.

ඒ බැවින් තමා පාක්ශිකයින් හා රට වෙනුවෙන් වැදගත් දේශපාලන තින්දුවක් ඉදිරියේදී ගන්නා බවද ඔහු පවසා ඇත.

තවත් ප්‍රබලයින් පිරිසක් පෙරහැරේ !

මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ සිරිසේන ජනාධිපතිගේ තීන්දු තීරණ හමුවේ බලවත් කළකිරීමට පත්ව සිටින පක්ෂයේ ජේෂ්ඨයින් කිහිපදෙනෙකුම ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමින් පසුවන බවය.

ජනාධිපති සිරිසේන 2020 ජනාධිපති අපේක්ෂකත්වය ඉලක්ක කරගෙන දිගින් දිගටම පක්ෂය විනාශ වන ආකාරයේ සහ ඒකාධිපති වියරුවක් පිළිබිඹු කරමින් සිටින බවත් ඔහු සමඟ තවදුරටත් පක්ෂයට, සාමාජිකයන්ට හෝ තමන්ට දේශපාලන ගමනක් නැති බව මේ පිරිසේ මතය වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න