Image

සිරිසේන ජනාධිපතිවරණයකට සූදානම් !

සිරිසේන ජනාධිපතිවරණයකට සූදානම් !

කඩිනම් ජනාධිපතිවරණයක් වෙනුවෙන් ජනාධිපති සිරිසේනගේ අවධානය යොමුව ඇති අතර, 2019 මාර්තු මාසයේ ඒ සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි.

එහිදී පොහොට්ටු පක්ෂයේ හා ශ්‍රීලනිපයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන නම් කිරීමටත් එම පක්ෂ දෙකෙහි නියෝජිතයින් සාකච්ජා ආරම්භකර ඇතැයිද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි.

මේ සඳහා වන සාකච්ඡා සඳහා සිරිසේන පාර්ශවයේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක සහ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක නම් කර ඇති බවත් ඔවුන් දෙදෙනා 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් මුලික සාකච්ජාවක් පවත්වා ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට සිරිසේන පාර්ශවයේ අදහස වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සහන අයවැයක් ඉදිරිපත් කරමින් 'ගම්පෙරලිය', ගම්උදාව වැඩසටහන් හරහා ගමේ ඡන්ද පදනමක් සදා ගැනීමට පෙර ජනාධිපතිවරණයකට යා යුතු බවය.

එසේම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සංශෝධන පනත් කෙටුම්පත ජනවාරි මාසයේදී සම්මත කර ගනිමින් දුෂණ චෝදනාවලට ලක්ව ඇති එජාප ප්‍රධානින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා, ප්‍රචාරක වාසියක් ලබා ගැනීමට ද ජනාධිපති උපදේශකයින් සැලසුම් කර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න