Image

UNP වෙතින් මහනායක හිමිවරුන්ට සහතිකයක් !

UNP වෙතින් මහනායක හිමිවරුන්ට සහතිකයක් !

එක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.

ඒ අද (23දා) එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදකින්නට ගිය අවස්ථාවේය.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාලිත රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයා,

“කඩිනමින්ම ඇවිල්ලා යථා තත්ත්වය පසක් කර දීමට කටයුතු කළා. අපි ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා හැම කටයුත්තක්ම මහානායක හිමිපාණන්වහන්සේලාට දැනුවත් කරන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා ෂැංග්‍රීලා එකේ ඉදන් රට විකුණනවා කියනවා. ෂැංග්‍රීලා එකට ඉඩම වික්කේත් මහින්ද රාජපක්ෂ මහතායි. අපි එක බිම් අඟලක්වත් විදේශයකට විකුණලාවත් රට බෙදලවත් නෑ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න