ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ, කලක් “වී ගබඩාවක්” ලෙස හෙළා දැමුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, 2020 දෙසැම්බර් 28 වන දින මාගේ මුලිකත්වයෙන් යුක්රේනියානු සංචාරකයන් රැගෙන ඒමත් සමඟ නැවත ක්‍රියාශීලී ගුවන් තොටුපළක් බවට පත් විය.
එම ආරම්භය පදනම් කරගනිමින්, Red Wings Airlines යටතේ 2022 දෙසැම්බර් 28 වන දින සිට රුසියානු සමුහාණ්ඩුවෙන් ඍජු ගුවන් වාර 516ක් මත්තල වෙත මෙහෙයවීමට අපට හැකි විය.
මෙම කාලසීමාව තුළ රුසියානු ANEX Tour, Fun & Sun සහ ශ්‍රීලංකාවේ Exotic Holiday International, Aitken Spence Travels එක්ව සංචාරකයින් 198,501 දෙනෙකු මත්තල වෙත රැගෙන ආ අතර, ශ්‍රී ලංකාවට දළ වශයෙන් ඩොලර් මිලියන 317.6 ක විදේශ විනිමය ආදායමක් උපයා දීමට හැකි විය. මෙම සැලසුම් සාර්ථකව කරගැනීමට මත්තල ගුවන්තොටුපළ ලබාදෙන සහයෝගයට ශ්‍රීලංකා රජයට අපගේ ගෞරවණිය ස්තුතිය පළකර සිටිමු. කෙසේ වෙතත්, වර්තමානයේ පවතින ඉන්ධන හා ආර්ථික අභියෝග මධ්‍යයේ, අවසාන Red Wings Airlines ගුවන්යානය සංචාරකයන් 399 දෙනෙකු සමඟ අද රාත්‍රී 7.00ට රුසියාව බලා මත්තලින් පිටත්විය.
ඒ සමඟම, මත්තල duty free වෙළඳසැල්, ශ්‍රීලංකන් අවන්හල සහ අනෙකුත් වාණිජ ක්‍රියාකාරකම් වසාදැමීමේ අවදානමක් පවතින අතර, ගුවන්යානා නොපැමිණෙන ගුවන් තොටුපළක් බවට නැවතත් අමිහිරි කාලයක් උදා වෙයි.
එහෙත් සත්‍යය පැහැදිළි ය. කලක් අගෞරවයට ලක්වූ මත්තල, නැවත ජාත්‍යන්තර සංචාරක ගුවන් තොටුපළක් බවට පත් කළ හැකි බව අපි අද මාලිමා රජයට සනාථ කළෙමු.

උදයංග වීරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
