මහ බැංකු බැඳුම්කර වංචාව නිසා රජයට පාඩුවක් සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි. මේ වනවිට පර්පචුවල් සමාගම සතු රුපියල් බිලියන 12ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන බවත්, එම මුදල රජයට ලබාගන්නේ නම් රුපියල් බිලියනයක වාසියක් ආණ්ඩුවට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
රාවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ වංචාවට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන්ට එරෙහිව නඩුවක්ද තිබෙන බවය. එයට අමතරව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවද ඔහු පැවසීය.
(රාවය)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
