කැබිනට් අමාත්‍ය පදවියක් සඳහා නම යෝජනා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය පදවියක් ලබා දෙන්නේ ඔහු පසුගිය කාලයේ තමන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ වෙනුවෙන් සමාව ගතහොත් පමණක්යැයි ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දේශය පුවත්පත වාර්තා කර ඇත.
කැබිනට්ටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදි රජයේ ජේෂ්ඨයන් පිරිසකට ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කළ බවද එම පුවතේ සඳහන්ව ඇත.
වරද මොකක්ද?
කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ සිරිසේන ජනාධිපතිගෙන් සමාව ගැනීමට තරම් මන්ත්‍රීවරයා සිදුකල වරද කුමක්ද යන්න පැහැදිළි නැති බවය. ජනාධිපති සිරිසේන විසින් නාමල් කුමාර නම් බොරුකාරයාගේ මාධ්‍ය හමුවක් උපුටා දක්වමින් සරත් ෆොන්සේකා මහතාට ප්‍රසිද්ධියේ ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල කළ බවත් එම අභූත චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම වරදක් ලෙස තමන් නොසළකන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම මේ වන විට පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාද සරත් ෆොන්සේකා නිර්දෝෂී බව සහතික කර ඇති බවත් ඒ අනුව වඩාත් නිවැරදි කරුණ වන්නේ සිරිසේන ජනාධිපති විසින් නැගූ අභූත චෝදනා සම්බන්ධව තම නායකයා වෙතින් සමාව ගැනීම බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.
තවද පාර්ලිමේන්තුව නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ආකාරයට විසුරවා හැරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු වූ ජනාධිපති සිරිසේන ඒ සම්බන්ධව ජාතියෙන් සමාව ගත්තාද යන්නද එම පාර්ශවය ප්‍රශ්නකර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
