එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගිය 21 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ (සංශෝධිත) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා පත්කළ ලේකම්වරයාගේ නම සඳහන්ව නැත.
පළමුව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ 27- එස්. හෙට්ටිආරච්චි මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යනුවෙන් සඳහන්ව තිබු අතර ආරක්ෂක අමාත්‍යංශය ඇතුළුව අමාත්‍යංශ 30ක ලේකම්වරුන්ගේ නම් තිබේ. නමුත් එහි සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය සඳහා පත්කළ අමාත්‍යංශ ලේකම් කවුද යන්න සඳහන්ව නැත.
නමුත් සංශෝධිත යනුවෙන් සඳහන් කර පසුව ඉදිරිපත් කළ නව මාධ්‍ය නිවේදනයේ 27- සිරි හෙට්ටිආරච්චි මහතා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස නම්කර ඇති නමුත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් නැත.
සංශෝධිත යනුවෙන් දැක්වූවද තවදුරටත් දෝෂ ඇතිද යන්න සොයා බැලීමට තරම් පරිණත බවක් සහිතව කටයුතු කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය අසමත්ව ඇති බවය. ඒ අනුව ඇසීමට සාධාරණ ප්‍රශ්නය වන්නේ "මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කෝ ?" යනුවෙන්ය. නැතිනම් "මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ලේකම්වරයෙක් නැද්ද?" යනුවෙන්ය.
පහත දැක්වෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සංශෝධිත නිවේදනයයි.
ඊට පෙර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත සබැඳියෙන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
