ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (25) අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත එදින රාත්‍රියේම ඉදිරිපත් කල අවස්ථාවේ අධිකරණය මේ නියෝගය නිකුත්කර තිබේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා චෝදනා ලබා සිටින්නේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
