නියඟය පවතින ප්‍රදේශවල පීඩාවට පත්ව සිටින පවුල් සඳහා රුපියල් 5000ක් පමණ වටිනාකමින් යුත් සහනාධාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම කටයුතු සිදු කරන බවය.
පවුල් හාරලක්ෂ 25,000ක් පමණ මේ වන විට නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.
සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ඉදිරි දින කිහිපය තුළ අදාල දිස්ත්‍රික්ක සදහා ලබාදීමට කටයුතු කරන බව ද දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර රුපියල් මිලියන 9000ක් පමණ මෙම සහනාධාර සඳහා වෙන් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
