පන්සලට දානය රැගෙන ආ කාන්තාවක් දූෂණය කිරීමේ අපරාධ නඩුවක චුදිත සීගිරියේ ධම්මදින්න නමැති පිවිතුරු හෙළ උරුමයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චීවරධාරියා පොලිස් නිලධාරියෙකු, ඔහුගේ ගැබිණි බිරිඳ සහ බිරිඳගේ සොහොයුරෙකුට පිහියෙන් ඇන ඇතැයි වාර්තා වේ.
පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියාගේ නිවස ඇත්තේ පන්සල් මායිමේ ය. පන්සලේ මිදුල අතුගාන කසල පොලිස් නිලධාරියාගේ ඉඩමට දැමීමේ සිද්ධියක් දුර දිග යෑමෙන් ආරවුලක් හටගෙන ඇති අතර ධම්මදින්න නම් චීවරධාරියා එහිදී පිහියකින් පෙර කී තිදෙනාට ඇන තුවාල සිදුකර තිබේ.
සිද්ධිය පිලිබඳ පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිස් නිලධාරියා තමන්ගේ ආවාස ගෙට කඩා වැදී තමන්ට පහර දුන්නා කියා ධම්මදින්න ද පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
සිද්ධිය පිලිබඳ සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
