මුස්ලිම් කොලනියක් මැද තියන විහාරස්ථානයක් වුවත්, පරම්පරා 5ක් මුස්ලිම් මිනිස්සුත් සමඟ තමන් වහන්සේලා හොඳින් කටයුතු කල බව බරගම නන්දසිරි හිමියන් පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අම්බලන්තොට පැවැත්වුණ 'අහන්න' වැඩසටහන සමඟ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"අපේ පන්සල තියෙන්නේ මැලේ කොලනිය කියලා මුස්ලිම් ගම්මානයක් මැද. නමුත් අපේ හාමුදුරුවන් වහන්සේලා පරම්පරා 5ක් මුස්ලිම් මිනිස්සුත් එක්ක හොඳට ජිවත් වුණා ප්‍රශ්ණයක් නැතුව. හැබැයි සුලු සුලු සිල්ලර වැරදි තියනවා අපි අතර. හරකා බැඳ ගත්තහම රණ්ඩු වෙනවා. ඇලේ වතුර හරවන්න ගියාම රණ්ඩු වෙනවා. නමුත් ඒවා ලොකු කරගෙන මහා ගැටුම් කරගන්න අවශ්‍ය නැහැ.
දැන් මේ ආණ්ඩුවේ නම් ආගම් ජාතිවාදී දේවල් නැහැ. පැරදිච්ච අයට තමා ඔය ශෝකය තියෙන්නේ කොහෙන්හරි ඡන්ද හොයන්න ජාතිවාදය හරි අවුස්සන්න බලන්නේ."
එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
