ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ඊයේ (25) නීලම්මහර ධර්මාලෝක ක්‍රීඩාංගණයේ පැවති විමල් වීරවංශ අභියෝගතා කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ඒ අසල පිහිටි ශ්‍රී සද්ධර්මාරාම විහාරයේ පැවති ශීල ව්‍යාපාරය නවතා දමන්නට සිදුවූ බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ඇතුළුව පෙහෙවත් සමාදම්වීමට පැමිණි සැදැහැවතුන් බලවත් දුෂ්කරතාවකට මුහුණදී ඇති බවද දැනගන්නට ඇත.
මේ වන විටත් තම ජාතික දේශපාලන හැඩය සකසා ගැනීමට කියමින් පොහොය දිනය පවා නොතකා වීරවංශ මන්ත්‍රීවරයා ලක්ෂ ගණන් මුදල් වැයකරමින් සිදුකරන මෙවැනි විකෘති කටයුතු වලින් ඔහුගේ ඇති බෞද්ධ ආගමික ලැදියාව කදිමට පෙන්නුම් කරන බව එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
