Image

සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 2 වැනිදා යළි කැඳවයි

සජින් වාස්ට එරෙහි නඩුව මාර්තු 2 වැනිදා යළි කැඳවයි

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 2 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (27) නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන්  අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරනු ලැබීය.

සිද්ධියට අදාලව විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වර්තා කිරීමට අල්ලස් කොමිසම ඉදිරි දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව නඩුව මාර්තු 2 වැනිදා දක්වා කල් තැබුණි.

මෙම සිද්ධියේ සැකකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට මේ වන විට ඇප මත මුදා හැර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න