Image

දිලිත්ගේ GLEC වැඩසටහනට යෙන් මිලියන 2.5ක පරිත්‍යාගයක්

ජපානයේ වෙසෙන ව්‍යවසායක නලින් ගුණසේකර යෙන් මිලියන 2.5 මූල්‍යමය පරිත්‍යාගයක් GLEC (Global Lanka Entrepreneur Club- ගෝලීය ලාංකික ව්‍යවසායක එකමුතුවේ ජපන් එකමුතුවට ලබා දෙයි.

ජපානයේ වෙසෙන ව්‍යවසායක නලින් ගුණසේකර යෙන් මිලියන 2.5 මූල්‍යමය පරිත්‍යාගයක් GLEC (Global Lanka Entrepreneur Club- ගෝලීය ලාංකික ව්‍යවසායක එකමුතුවේ ජපන් එකමුතුවට ලබා දෙයි.

GLEC ජපන් එකමුතුව වැඩ අරඹයි.

GLEC නිර්මාතෘ, ව්‍යවසායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ සංකල්පයට අනුව ආරම්භ කළ ගෝලීය ලාංකික ව්‍යවසායක එකමුතුවේ පළමු සමුළුව ජපානයේ Tsukuba හිදී පසුගියදා (22) ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. ඒ, ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙනි.

මීට සමගාමීව පසුගියදා(25)  ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන ව්‍යවසායක නලින් ගුණසේකර යෙන් මිලියන 2.5ක මුදලක් GLEC වැඩසටහන සඳහා පරිත්‍යාග කළේය. එම මුදල GLEC නිර්මාතෘ දිලිත් ජයවීර වෙත ලබා දීමෙන් අනතුරුව, ඔහු විසින් ගෝලීය ලාංකික ව්‍යවසායක එකමුතුවේ පුරෝගාමී ඩිජිටල් නිර්මාතෘ හසන්ත රත්නායක හට ලබා දුන්නේය.

මෙම මුදල විනිවිදභාවයකින් යුක්තව ඕනෑම පුද්ගලයෙකුට glec.lk වෙබ් අඩවියෙන් බලාගත හැකි ආකාරයට ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් නගා සිටුවීම වෙනුවෙන් යොදවන බව හසන්ත රත්නායක කියා සිටියේය.

මෙහිදී, ව්‍යවසායකයින් සඳහා පුහුණුව, මුදල් කළමනාකරණය පිළිබඳව දැනුම ලබා දීම, මහා පරිමාණයේ ව්‍යවසායකයින් සම්බන්ධීකරණය සහ නව ව්‍යවසායකයින් පිළිබඳව පසු විපරම් (සොයා බැලීම) ද සිදු කරනු ලබයි.

මූල්‍ය පරිත්‍යාගය සිදු කළ නලින් ගුණසේකර කියා සිටියේ, මෙවැනි මුදලක් ලබා දීමට තමා තීරණය කළේ මෙය ව්‍යවසායකත්වය නගා සිටුවීමේ ඉතාමත් සාර්ථක වැඩසටහනක් බවත්, ව්‍යවසායකත්ව සංකල්පය තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට උත්සාහ කරන දිලිත් ජයවීර මහතාගේ මෙම වැඩසටහනට ශක්තියක් වෙමින්, මූලික පියවර තබමින් අනෙකුත් ව්‍යවසායකයින්ට ආදර්ශයක් වීම සඳහා බවයි.

තවද, මේ තුළින් ගොඩනැගෙන අපේ ශ්‍රී ලංකාවත් අපේ රටේ ව්‍යවසායකයින්වත් දැක තමා සතුටු වන බව ඔහු පැවසීය.

එහිදී දිලිත් ජයවීර ව්‍යවසායක නලින් ගුණසේකර  හට සිය හදපිරි ස්තූතිය පිරිනමමින් කියා සිටියේ, තමා ජපානයට පැමිණෙන සෑම මොහොතකම සිතේ ධාරණය කරගත් දෙයක් වන්නේ කෙසේද අපේ ශ්‍රී ලංකාවත් ජපානය මෙන් ආර්ථිකමය, සංස්කෘතික හා සමාජීය වශයෙන් දියුණු කරන්නේ යන්න බවයි.

අපේ රට දියුණු කළ හැකි එකම ක්‍රමය වන ව්‍යවසායකත්ව සංකල්පය ලොව දියුණු වූ බොහෝ රටවල් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ජපානය ඉන් හොඳම උදාහරණය බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, ජපානයට පැමිණ වසර ගණනක් ජපානයේ වෙසෙමින් නිර්මාණශීලීව සිතමින් ව්‍යවසායකත්වය තුළින් ජීවිතය සාර්ථකත්වයට ළඟා කරගත් නලින් ගුණසේකර  වැනි අය හොඳම උදාහරණයක් බවත්, අපේ රටට ලොකු ශක්තියක් බවත් ඔහු සඳහන් කළේය.

WhatsApp Image 2026 11 26 at 6.37.55 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න