Image

සුරේෂ් සලේගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද - නියෝගය ජනවාරි 28ට

සුරේෂ් සලේගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද - නියෝගය ජනවාරි 28ට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ අතර, එහි නියෝගය අද (27) දින ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත නිවේදනය කළේ අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා සිදුකරන බවය.

ඒ අනුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න