මෙරට රක්ෂණ වෘත්තිකයින්ට ඉහළ නිපුණතාවයක් ලබාදීමේ අරමුණින් ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් (London Masters Campus) අධ්‍යාපන ආයතනය විසින් විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් (London Masters Campus) අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරන ලද "Executive Diploma in Life Insurance Practice" ඩිප්ලෝමා පාඨමාලාවේ විශේෂ ප්‍රායෝගික වැඩමුළුව පසුගියදා (22) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පවත්වන ලදී.
මෙම විශේෂ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී සිටින, මෙම ඩිප්ලෝමා පාඨමාලාව හදාරන රක්ෂණ වෘත්තිකයන් 120 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.
මෙහිදී වැඩමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රවීණ දේශක සුරංජිත් ගොඩගම විසින් පවත්වන ලද අතර, ආරාධිත දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුපේෂලා රත්නායක විසින් පවත්වන ලදී.
ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ගේ වෘත්තීය මට්ටම් උසස් කිරීම සඳහා නිරන්තරයෙන් නව පාඨමාලා හඳුන්වා දෙන ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් හි "Executive Diploma in Life Insurance" පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම එළඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අනුපමා සේනාධිර ප්‍රකාශ කළාය.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
