අයවැයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විරෝධතා මධ්‍යයේ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට උත්සාහ දැරීමක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ඕනෑම වරදක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පූර්ණ, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් කිසිවෙකු ප්‍රශ්න නොකරන නමුත් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලවකවානුව "අතිශය කැපී පෙනෙන" බවයි.
"වෘත්තීය සමිති අයවැය පිළිබඳව සිය අප්‍රසාදය වැඩි වැඩියෙන් පළ කරමින් සහ, සිදුවන බවට හැඟෙන අසාධාරණයන්ට එරෙහිව පෙළ ගැසෙමින් සිටින අවස්ථාවක විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙය හුදෙක් අහම්බයක් ද, එසේත් නැතිනම් විරුද්ධ මත අධෛර්යමත් කිරීමට සහ වර්ධනය වන වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීමට රජය දරන උත්සාහයක්ද?" යනුවෙන් ඔහු විමසා සිටියි.
එමෙන්ම මෙහි ඇති උත්ප්‍රාසාත්මක බව වන්නේ, පැවති රජයන්ට එරෙහිව වසර ගණනාවක් පුරා විරෝධතා, වැඩ වර්ජන සහ වෘත්තීය සමිති ව්‍යාපාරවල පෙරමුණේ සිටි දේශපාලන ව්‍යාපාරයක්, අද තමන්ට එරෙහිව නැගෙන එම හඬවල් හමුවේ අපහසුතාවයට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබීම වන බවද නාමල් රාජපක්ෂ මෙම සටහනින් පෙන්වා දෙයි.
"විපක්ෂයේ සිටින විට විරෝධතා දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම පහසුය. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරීක්ෂණය වන්නේ බලයට පත්වූ විටත් එම අයිතියට ගරු කරන්නේ ද යන්නයි." යනුවෙන් සඳහන් කරන ඔහු, විරුද්ධ මත බිය ගැන්වීමට හෝ නිහඬ කිරීමට 'වගවීම' යන්න කිසිවිටෙකත් කඩතුරාවක් නොවිය යුතු බවද අදාළ සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
