වත්මන් ආණ්ඩුව නාස්තිය හා දූෂණය නවත්වා භාණ්ඩාගාරය පිරවූ බව ප්‍රකාශ කළද, සැබෑවටම සිදුව ඇත්තේ වෙන් කළ මුදල් ප්‍රතිපාදනවත් නිසි පරිදි වියදම් කර ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ආණ්ඩුව අසමත් වීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (15) පර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරුන් සිය අමාත්‍යාංශ ගැන කතා කිරීමට පෙර පසුගිය වසරේ තමන්ට වෙන් වූ මුදල්වලින් ජනතාව වෙනුවෙන් වියදම් කළ ප්‍රතිශතය සහ ප්‍රගතිය රටට හෙළි කළ යුතු බවයි.
"ක්‍රීඩා, මහාමාර්ග, කෘෂිකර්ම වැනි අමාත්‍යාංශ කොච්චර මුදල් වියදම් කළාද? ප්‍රගතිය කීයද? සියට කීයක් ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කරාද? දෙන සල්ලි ටික වියදම් කරගන්නේ නැතුව, ඔබ මොකක්ද කියන්නේ? අපි වංචාව දූෂණය නවත්වලා, භාණ්ඩාගාරය පිරෙව්වයි කියනවා.
භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ. රටේ මුදල් සංසරණය වෙන්නේ නැහැ, මුදල් රටේ වියදම් වෙන්නේ නැහැ. එතකොට රටේ ආර්ථිකයට බලපානවා ඒක. ආර්ථිකය ගොඩනගන්න ඕන නම් අඩු ගානෙන් ඉස්සෙල්ලා ඔබ ඔබේ අමාත්‍යාංශයට දීපු සල්ලි ටික වියදම් කරන්න රට වෙනුවෙන්. ගමේ ගිහිල්ලා පාර බෝක්කුව හදන්න. තාර නැහැ, අරව නැහැ, මේක නැහැ කියලා කෙදිරි ගානවා."
එසේම, 'දිට්වා' ව්‍යසනය වෙනුවෙන් වෙන් කළ බිලියන 500 ක මුදලින් වසරකට පසුවත් වියදම් කර ඇත්තේ බිලියන 260 කටත් අඩු ප්‍රමාණයක් බව නමල් රාජපක්ෂ පැවසීය.
"දැන් දිට්වා බිලියන 500ක් දුන්නා. දැන් 260ක් ඉතුරුයි. දැන් දිට්වා ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි. දැන් ඊළඟ කුණාටුව ආවා කොළඹ නගරය ජලයෙන් යට වුණා. ඊළඟට ඒ ඇවිල්ලා. හැබැයි ඒ බිලියන 500නුත් මිලියන මිලියන බිලියන 260ක් වියදම් කරගන්න බැරි වෙලා තියෙනවා. ආයෙත් වැඩ බැරිකමට ගරු සභාපතිතුමිය බොරු කියන්න ඕනේ නැහැනේ අපි නාස්තිය වංචාව නවත්තලා සල්ලි ඉතුරු කරගත්තා කියලා. ඇත්ත කියන්න. වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ, වැඩේ කරගන්න බැහැ, ඒ හින්දා අමාත්‍යාංශ වල සල්ලි ඉතුරුයි."
මීට අමතරව, රජය ණය නොගෙන දේශීය අරමුදල්වලින් සංවර්ධන කටයුතු කරන බවට කරන ප්‍රකාශයද සත්‍ය නොවන බවයි නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ.
"දැන් තව කතාවක් කියනවා මොකක්ද? අපි ණය ගන්නේ නැහැ. ගරු සභාපතිතුමිය, එහෙම කියනවනේ. දේශීය මුදල් වලින් වැඩ කරනවා. හයිවේ හදනවා දේශීය මුදල් වලින්. කවුද කියන්නේ ආණ්ඩුව ජනාධිපතිතුමාගේ අයවැයේ, මේ මම කියන කතාවක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අයවැයේ තියෙනවා ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්. බිලියන. මේ බිලියන 1750න් බිලියන 1493ක් ණය විදිහට ගන්නේ.
හැම රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදනවා, ගොඩනැගිල්ලක් හදනවා ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලි වලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා.
ඉතුරු ටික තමයි ඔය රාජ්‍ය ආදායමෙන් ඔබතුමාලා ඔය වාහන නතර කරලා ඉතුරු කරලා ටැක්ස් ගහලා ඔක්කොම කරලා ගන්න විදිහට ටික දානවා කියලා කියන්නේ.
මේක තමයි යථාර්ථය. හැබැයි ඔබතුමන්ලා මොකක්ද කියන්නේ? හැම තැනම නැහැ, අපි වංචාව දූෂණය නාස්තිය නවත්තපු හින්දා අපි දැන් දේශීය අරමුදලින් වැඩ කරන්න පුළුවන් නෑ බොරු."යැයි නාමල් රාජපක්ෂ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
