අපේ රටේ ජාතික තේ නිෂ්පාදනයට 60%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් කුඩා තේවතු හිමියන් දායකත්වය ලබා දෙන අතර ඔවුන්ට තේ වතු ඉඩම්වලින් 30%ක හෝ 40%ක හිමිකම් තිබෙන බවත්, මෙසේ අඩු ඉඩම් ප්‍රමාණයක් ඇති අය විශාල දායකත්වයක් ලබා දෙන විට වැඩි ඉඩම් අයිතියක් ඇති රාජ්‍ය සමාගම් හෝ පෞද්ගලික වතු සමාගම් ලබා දෙන්නේ අඩු දායකත්වයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය දිනක හෙක්ටර් අප්පුහාමි ගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගි වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දඅක්වූ විපක්ෂ නායකවරයා...
''ඉදිරියට තේ වගාව ප්‍රගුණ කිරීමේ දී ඉටුවිය යුත්තේ මහාපරිමාණ තේ වගාවෙන් නෙවෙයි. අදටත් ලැයිම් කාමරවල දුක් විදින ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කර ප්‍රාග්ධන ශක්තියක් ලබා දීම හරහා ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලැබෙනවා. ඒතකොට නිවසක් මෙන්ම වගාව සඳහා ඉඩමක් ද ලැබෙනවා. එහි දී ඔවුන්ගේ වැටුප් ගැටලුව පවා විසඳිය හැකියි. එම නිසා මුඩු ඉඩම් ටික මේ පිරිසට ලබා දීල කුඩා තේ වතු හිමියන් බහුලව බිහි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.''
පොල් කර්මාන්තය සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් පවතිනවා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
