Image

බුද්ධ ශාසනය සුරකිමින් අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට රැකවරණය දීම සැමගේ වගකීමක් – සජිත් ප්‍රේමදාස

බුද්ධ ශාසනය සුරකිමින් අන්‍ය ආගම් හා සංස්කෘතීන්ට රැකවරණය දීම සැමගේ වගකීමක් – සජිත් ප්‍රේමදාස

රටේ උත්තරීතර නීතියට අනුව සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම, සෙසු ආගම්, ජන කොට්ඨාස, සංස්කෘතීන් හා ආගමික සිද්ධස්ථානවලට නිසි රැකවරණය ලබා දීම සියලු දෙනාගේම වගකීම සහ යුතුකම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


රට සැබවින්ම ඒකීය, භෞමික අඛණ්ඩතාව හා සෛරීත්වය සුරැකුණු, දේශපාලන නිදහස ඇති රටක් බවට සුරක්ෂිත කිරීම සැමගේ වගකීම බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ(15) මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජ්‍යෝත්සවය හා එක්වෙමිනි.

මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේ බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න පන්සල් දහම් පාසල් පිරිවෙන් ශක්තිමත් කර ආරක්ෂා කරන්න කටයුතු කළ බවත්, බෞද්ධයකු ලෙස වැදගත් පාඩම් රැසක් අප සැමටම කියාදුන් නිසා ඒ පාඩම් රටේ ක්‍රියාත්මක කළ යුතු බවත් ව්පක්ෂ නායකවරයා පැවසුවේය.

මාහිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ආරක්ෂා කරමින් බුදුදහම සුරක්ෂිත කරමින් චීවරයට නිසි ලෙස ගරු කරමින් පිළිගැනීම ලබා දෙමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ හදීසි අපවත් වීම තුළ තමා බලවත් ලෙස ශෝකයට පත්වන බවත්, ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පිළියන්දල විද්‍යාශාන්ති පුදබිම ගොඩනගා සංවර්ධනය කරන්නට වගුරු බිම ගොඩකර දැවැන්ත ආගමික සිද්ධස්ථානයක් නිර්මාණය කරන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ ය.

ඊට අමතරව උන්වහන්සේ සුවිශාල ශාසනික සේවාවක් ද ඉටු කළ බවත් මේ ආගමික සංවර්ධනය ශ්‍රී ලංකාවට පමණක් නොවන දෙස් විදෙස් රටවලද ඉටු කරමින් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර ප්‍රවර්ධනය කරන්න අමිල මෙහෙවරක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න