වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවට පත් වෙලා - සජිත් ප්‍රේමදාස

වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවට පත් වෙලා - සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ සෞඛ්‍ය සේවයේ ඇති ගැටලු පෙන්වා දෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...


සුවසැරියේ නම සහ පාට වෙනස් කිරීම ලජ්ජා නැති වැඩක්

''2025 ඔක්තෝබර් 12 දිනැති පුවත්පත් දැන්වීමක් මගින් ඕනෑම තැනැත්තකුට පුර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවා සහ හදිසි ප්‍රතිකාර සේවා නොමිලේ ලබා ගැනීමට පිහිටුවා ඇති 1990 සුවසැරිය පදනමේ ගිලන්රථ සේවා නම වෙනස් කර 1990 ශ්‍රී ලංකා හදිසි වෛද්‍ය සේවාව ලෙස නම් කිරීමට හේතුවත් එම ගිලන්රථවල වර්ණය වෙනස් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. ලොව හොදම ගිලන්රථ සේවාව ලෙස පිළිගෙන ඇති සුවසැරිය ගිලන්රථ සේවාවේ පරමාර්ථ වෙනස් කිරීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන තිබෙවා ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. පසුගිය වසර තුළ සුවසැරිය පදනම පනත යටතේ හදිසි ප්‍රතිචාර සේවා හා පුර්ණ රෝහල් ප්‍රතිකාර ලබා දිය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යවරයාවරයා විසින් ගැසට් කළ රෙගුලාසි ඉදිරිපත් කරන ලෙසත් 1990 සුවසැරිය මෙරටට ගෙන එන විට විදේශීය රහස් ඔත්තු සේවාවක් කියා ප්‍රචාරයක් දියත් කළාට අද එය රටට සම්පතක් වී තිබෙනවා. එහි නම් වෙනස් කිරීම, පාට වෙනස් කිරීම ලැජ්ජා නැති වැඩක්.


බුද්ධි ගලනය වැළැක්වීමට ගෙන ඇති නිශ්චිත පියවර කුමක් ද...?

ආර්ථික අර්බුධයෙන් පසු රටින් පිටව යන වෛද්‍ය හා හෙදියන් සංඛ්‍යාව වැඩි වෙලා. එසේ රට හැරගිය වෛද්‍ය වෘත්තිකයන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සංඛ්‍යාවත් මේ නිසා ඇතිව තිබෙන පුරප්පාඩු සංඛ්‍යාවත් ඉදිරිපත් කරන්න. ඒ වගේ ම මෙම බුද්ධි ගලනය වැළැක්වීමට ගෙන ඇති නිශ්චිත පියවරත් ඉදිරිපත් කරන්න. වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු සිදු කරන රෝහල්වල උපකරණ හිඟයක් පවතිනවා. ඔවුන්ට සහන සැලසීමට ගන්නා කඩිනම් පියවර ඉදිරිපත් කරන්න. සම්පත් හිගය නිසා ජනතාව සහ රෝහල් කාර්යමණ්ඩලය විඳින පිඩා සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු යි. මමත් කැබැතිගොල්ලෑව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළා. කාර්ය මණ්ඩල සදහා නිල නිවාස සකස් කිරිමට අවධානය යොමු කර ඇත්නම් එය ඉදිරිපත් කරන්න.


හදවත් සැත්කම් පෝලිම 2029 දක්වා දිගු වෙලා

අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම් ඇති ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් 301 දෙනකුගේ කොන්ත්‍රාත් සේවා කාලයේ වසරකින් දීර්ඝ කිරිමට 2023.10.01 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර ඇති නමුත් 2025 වසරේ දී මොවුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු නොකිරීමට හේතු ඉදිරිපත් කරන්න. මොවුන්ගේ සේවාව මහජන සෞඛ්‍යට අත්‍යාවශ්‍ය බැවින් මෙම සේවය අඛණ්ඩව සහතික කිරිමට රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න. හදවත් සැත්කම් පෝලිම 2029 දක්වා දිගයි. රෝහල් පද්ධතියේ විශාල හිඟයක් පවතිනවා. ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල හදවත් සැත්කම් පොලිම 2029 දක්වා දිර්ඝ වෙලා. මේ ගැන සොයා බලන්න."







newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න