පොලිසියේ නිවේදනයට විමල්ගෙන් සැර උත්තරයක්  

පොලිසියේ නිවේදනයට විමල්ගෙන් සැර උත්තරයක්   

තමා තංගල්ල පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ  පවසයි.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවය ද ප්‍රශ්නයකට ලක්කර ගෙන ඇතැයි ද විමල් වීරවංශ  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඔහු විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මතු දැක්වේ.

''මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :

 පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.''

nandana1

nandana2 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න