ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්වට ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහායක තනතුර සදහා 731 දෙනෙකු තෝරා ගෙන ඇති අතර, එම පිරිස සදහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
2021 වර්ෂයෙන් පසුව මේ දක්වා තැපැල් දෙපාර්තමේන්තුවට ස්ථිර තැපැල් සහායකයින් බදවාගෙන නොමැති අතර, ඒ හේතුවෙන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක පුරප්පාඩු 1982ක් ලෙස වාර්තා වෙයි.
ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස සේවය කරනු ලබන නිසි ලෙස සුදුසුකම් සම්පූර්ණ කර ඇති පිරිස අතරින් ඉහතින් සදහන් කළ 731 දෙනා බදවා ගන්නා බව වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
