අද දින හම්බන්තොටදී අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ යන අය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ උප උපසභාපති හා හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මහින්ද අමරවීර පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර...
''රජය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරනවා. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට ඒ අය සම්බන්ධ නම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මොකද මත්ද්‍රව්‍ය මැඩලීමට අපි රජයට පූර්ණ සහයෝගය ලබා දෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
