හොඳම නළුවාට හිමි සම්මානය අමාත්‍ය වසන්ත සමරසිංහට...!

හොඳම නළුවාට හිමි සම්මානය අමාත්‍ය වසන්ත සමරසිංහට...!

ජවිපෙ නායකයකු වන වසන්ත සමරසිංහ පසුගිය වසර 25 ඇතුළත සිදුකර ඇති රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය දීමට සුදුසු යයි නව ජනතා පෙරමුණ පවසයි.

නව ජනතා පෙරමුණේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන් එ බව කියා සිටියේ, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිට දී මාධ්‍ය අමතමිනි.

එම පක්ෂයේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන්, මොරටුව ආසන සංවිධායක සුමිත් චන්ද්‍රලාල් ප්‍රනාන්දු, දෙහිවල ආසන සම සංවිධායක අමිල කුරේ, සමන් රණතුංග සහ එම පක්ෂයේ සාමාජික ප්‍රකාශ් යන අය එම අවස්ථාවට එක්ව සිටියේය.

දිනේෂ් අබේකෝන් එහිදී තව දුරටත් මෙසේ පැවසිය.


කෝටි 28ක මුදලක් උපයා ගත්තේ කෙසේ ද...?


'' අපි අද කිරිපැණි, කෙසෙල්, ඇදුම් පැලඳුම් මේ සියල්ල අරගෙන ආවේ මේ රටේ ව්‍යසායක වසන්න සමරසිංහ මුදලාලි  හම්බවෙන්න. මොකද පසුගිය වසර 25 ඇතුළත එතුමාගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න පුළුවන්. ඒ ඇයි දන්නව ද...? එතුමා නිර්ධන පන්තියේ ජීවත්වන රටේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියා රඟපෑවාට එතුමා ඉහළ ප්‍රභු පවුලක කෙනෙක් බව එතුමාගේ වත්කම් බැරකම්වලින් අපි දැක්කා.

කෝටි 28ක මුදලක් වසර 25 ක් පූර්ණ කාලීනව දේශපාලනය කරපු ව්‍යාපාර කිසිවක් නොකරපු වසන්ත සමරසිංහ මුදලාලි උපයා ගැනීම සිදු කළේ කෙසේ ද කියලා අපිට හිතාගන්න අමාරුයි.

පාක්ෂිකයෝ කලකිරිලා

එතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳුම් පැලඳුම්, කිරි පැණි, කෙසෙල්, ඇතුළු අනිකුත් කෑම බීම දෙන්නේ එතුමාගේ පාක්ෂිකයෝ කියලා. මේ වනවිට එතුමාගේ පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. ඒ වසර 25 පුරා ම මෙලෙස කෝටි ගාණක වත්කම් තමන් සතුව තියාගෙන රටේ ජනතාව විශේෂයෙන්ම එතුමාගේ පාක්ෂිකයෝ රවටපු එක සම්බන්ධයෙන්. ඒ නිසා අද දින කිරිපැණි කෙසෙල් අරන් අපි ආවේ හොඳම නළුවාට මේ ටික දිලා යන්න. එතුමා බාරගත්තේ නැත්තන් අපි මේ සියල්ල මෙහි තියලා යනවා.


තව දුරටත් කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න බැහැ

කොටපොළ ජයශාන්ත  මෙතෙක් කිරිපැණි කෙසෙල් ගෙනත් දුන්නා. නමුත් වසන්ත සමරසිංහගේ, බිමල් රත්නායකගේ, ලාල්කාන්ත ගේ සුනිල් හඳුන්නෙත්තිගේ වත්කම් දැක්කම ඔහුටත් මේ වනවිට පාරේ බැහැලා යන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ 3% සාමාජිකයින් තම අතේ තිබුන රු 100 දීලා තමයි මේ අමාත්‍ය මණ්ඩලය පෝෂණය කළේ. ඒ නිසා දැන් ඔවුන් දැඩි මැළිකමක් දක්වනවා පුර්ණ කාලීනව කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා මෙවැනි නළුවන් රැකගන්න එන්න කියලා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ 3% කාඩර්වරුන්ටත් අපි කියනවා අඩුම තම දරුවන්ට රු. 100 න් බිත්තරයක් වත් අරන් දෙන්න. ඒ තුලින් දරුවන්ට අඩුම පෝෂණය වත් ලැබෙනවා.

අපි විශේෂයෙන්ම මේ රටේ 3% ක ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයන්ට කියන්නේ තව දුරටත් ගොනාට ඇනද වෙන්න එපා කියලා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න