පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනෙකු අධිකරණය හමුවට

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනෙකු අධිකරණය හමුවට

පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අද (25) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම පිරිස පසුගිය 07 වනද නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ගේ භාරයට ගෙන බැඳුම්කරයක්මත මුදාහැර සිට ඇත.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා  විසින් ඔවුන්ට ඇප ලබා දී තිබුණි.

එමෙන්ම සැකකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නඩුව ඔක්තෝබර් 16 වැනිදා දක්වා කල් තැබීමට ඇය නියෝග කළාය.

මෙම සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වනදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ ගිනි මැළ දලවා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්වී ඇත.

ඔවුන් අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචිකරුවන්ය වන අතර ඒ අතර තරුණියන් දෙදෙනෙකුද සිට ඇත.

මෙම සැකකරුවන් ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන ඇති බව සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න