විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව බදාදා

විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව බදාදා

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළැඹෙන බදාදා දක්වා සිදුකිරීමට තීරණය කර තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත ඒ බව සඳහන් කළේය.

ඔවුන් පවසා සිටියේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24 වන දින ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බවය.

"24 වනදා දහවල් නැවතත් වෘත්තීය සමිති 25 රැස්වෙලා මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුවක් අපි අනිවාර්යෙන්ම බදාදාට ගැනීමට නියමිතයි. ඒක දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා."

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න